මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ගත වූ ශ්‍රී ලාංකිකයන්ද ඡන්දය භාවිතා කිරීමට එක්වනු ඇත- මැතිවරණ කොමිසන් සභාවේ සභාපති

    ඔක්තෝබර් 17, 2019

    ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය භාවිත කිරිමට විදෙස් ගත වුවන් ද  එක්වනු ඇතිව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

    ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව කීය

    මෙවර ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය භාවිත කිරිමට විදෙස් ගත වුවන් ද එක් වන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති කියයි.විශේෂයෙන් විදෙස් ගත වුවන් මේ වන විට ඔවුන්ගේ ගුවන් ගමන් දැනටමත් වෙන් කර ගෙන ඇති බව සඳහන් කළ දේශප්‍රිය මහතා, ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම 80%ක් දක්වා ඉහළ යනු ඇතැයි තමා විස්වාස කරන බව පැවසිය.

    ඇල්පිටිය ප්‍ර දේශය සභා ඡන්ද විමසිමේ දි ද ඉතා උනන්දුවෙන් ජනතාව ඡන්දය භාවිතා කළ බව පැවසු සභාපතිවරයා,රෝහල්ගතවි ඇති ප්‍රතිකාර ලබන අය,බන්ධනාගාර ගතවුවන්,නිවාඩු ලබා ගැනිමට නොහැකිව සිටින ජනතාව හැර මෙවර සියලු ම ජනතාව ජනාධිපතිවරණය සහා ඡන්දය භාවිත කරනු ඇතැයි බලාපොරෝත්තුවන බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya