මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්විතීක නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හික්කඩුව නගර සංවර්ධනයට මුලපිරේ

    ඔක්තෝබර් 17, 2019

    ද්විතීක නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක හික්කඩුව නගර සංවර්ධනය පිළිබඳ මූලික සාකච්ඡාවක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් “නිල මැදුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණයේදී ඊයේ (16) පැවැත්වුණි.

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
    මෙහි ප්‍රථම අදියර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 550ක් ආයෝජනය කර ඇති අතර එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් දක්වා ආයෝජනය කිරීමට අපේක්ෂිතය.
    හික්කඩුව සංචාරක පුරවරය 1940 ට පෙර ආරම්භ කර ඇති ලංකාවේ ප්‍රථම සංචාරක පුරවරය වුවත්, අද එහි පවතින තත්ත්වය ඉතා කණගාටුදායකය. ග්‍රී ලංකාවේ සෙසු සංචාරක පුරවරයන් හා සැසදීමේදී හික්කඩුව සංචාරක පුරවරයක් ලෙස ඉකුත් කාලයේදී සංවර්ධනය වීම මගහැර තත්ත්වයක තිබූ අතර අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුවිශේෂි මැදිහත්වීම මත හික්කඩුව නගර සංවර්ධනය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයි.
    මේ යටතේ හික්කඩුව සංචාරක පුරවරයට විශාල බාධාවක් වී ඇති කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය සඳහා විකල්ප මාර්ගයක් ඉදිකිරීම පළමු යෝජනාව ලෙස මෙහිදී සාකච්ඡා කළ අතර සෙසු යෝජනා පිළිබඳව ඉදිරි සාකච්ඡා මගින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.
    මෙම අවස්ථාවට රත්ගම එ.ජා.ප. සංවිධායක සංජීව් කරුණාතිලක, හික්කඩුව ප්‍රාදේශිය සභාවේ සභාපති විනී කාරියවසම්, විපක්ෂ නායක නිමල් චන්දන ලියනගේ, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න යන මහත්වරු ඇතුළු නාගරික සංවර්ධන අධිකාරිය, හික්කඩුව ප්‍රාදේශිය සභාවේ නිලධාරීහු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya