මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපල විවෘත කිරීමට අගමැති යාපනයට

    ඔක්තෝබර් 17, 2019

    පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කලාපීය ගුවන් ගමන් සඳහා විවෘත කිරීම නිමිත්තෙන් අද (17) පැවැත්වෙන උත්සවයට සහභාගි වීම සඳහා ඊයේ (16) දින යාපනයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්‍ෂණයට ලක් කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිරීක්‍ෂණයට ලක් කරන ලද සංවර්ධන ව්‍යාපෘති අතර කුලන්දායී නිවාස ව්‍යාපෘතිය, චෙඩ්ඩියාර්මඩම් මාර්ගය, එරාලේ – කඩුවාන් මාර්ගය සහ උඩුවිල් නිවාස ව්‍යාපෘතිය ප්‍රධාන වේ.

    මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (16) සන්ධ්‍යාවේ යාපනය, මාවඩ්ඩිපුරම් හින්දු කෝවිලට සහ කීරමලෙයි නගුලේස්වරම් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය.
    සංවර්ධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවන්වලට ප්‍රදේශයේ මහජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටි අතර එහිදී අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමග සුහද කතා බහක ද නිරත විය.


    මෙම අවස්ථාවන්ට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එස්. ශ්‍රීධරන්, ඊ. සරවනභවන්, එස්. ශිවමෝහන්, යාපනය නගරාධිපති ඉමානුවෙල් ආර්නෝල්ඩ්, උතුරු පළාත් සභා හිටපු සභාපති ජී.වී.කේ. සිව ඥානම් යන මහත්ම මහත්මීහු ඇතුලූ දේශපාලනඥයින් පිරිසක් ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya