අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    135 වැනි කන්නන්ගර ගුණ සමරුව නිමිත්තෙන් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර

    ඔක්තෝබර් 15, 2019

    2019 ඔක්තෝබර් මස 13 දිනට යෙදෙන ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමන්ගේ 135 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන්  පුෂ්පෝපහාර ප්‍රදානය  (13) අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතාගේ සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පිහිටි කන්නන්ගර පිළිරුව අබියස දී සිදුකෙරුණි.

    නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමන් අධ්‍යාපනය, සුළුතරයකගේ වරප්‍රසාදයක්‌ නොව පොදු මානව අයිතියක් බවට පත් කරමින්   රටේ සියලු දරුවන්ගේ සම අධ්‍යාපන අයිතිය තහවුරු කළේය.

    අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන, ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන ආදී දැවැන්ත ජාතික වැඩසටහන් ඔස්සේ වඩාත් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සිසුන් වෙත අත්පත් කරදීම මගින් කන්නන්ගර දැක්ම තවදුරටත් අර්ථවත් කරමින් අනාගතයට ඔසවා තබන බව නිසැක ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya