අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''මනසුව පුබුදමු - දිවි මඟ ජයගමු'' - 2019 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් උළෙල අද

    ඔක්තෝබර් 14, 2019

    2019 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් උත්සවය මුල්ලේරියාව නව නගරය - ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී අද (14) පැවැත්වෙයි.

    වෙනස් වන දින චර්යාවට අනුව දිනෙන් දින මානසික ආතතියට ලක් වන පිරිස සැළකිය යුතු ලෙස ඉහළ යයි. ඒ නිසා විවිධ මානසික රෝග තත්ත්ව නිසා පිද විඳින සංඛ්‍යාව ද සැලකිය යුතු මට්ටමක පවතී. සමාජ, ආර්ථික සංකෘතික වෙනස්කම් හමුවේ මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කල යුතු ක්‍රම වේද පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

    එලෙස ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මඟින් මෙම ජාතික සැමරුම් උළෙල සංවිධානය කර ඇත. මෙහි දී විවිධ ප්‍රසංගයක් සහ මානසික සෞඛ්‍ය සේවා ලබා දුන් කාර්යය මණ්ඩල උදෙසා සම්මාන ප්‍රදානයක් ද සිදු කෙරේ.

    මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya