අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති අපේක්ෂකයින්ගේ කතා හෙට (15) සිට ගුවන්විදුලියෙන් සහ ජාතික රූපවාහිනියෙන්

    ඔක්තෝබර් 14, 2019

    මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් විසින් සිය ප්‍රතිපත්ති විස්තර කරමින් සිදු කෙරෙන කතා හෙට (15) සිට ප්‍රචාරය කිරීමට ජාතික රුපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව කටයුතු යොදා ඇත.

    ජනාධිපතිවරණ පනත මඟින් දක්වා ඇති අන්දමට මේ සඳහා එක අපේක්ෂකයෙකුට විනාඩි 15 ක් බැඟින් අවස්ථා 03 ක දී සිය අදහස් ජාතික රූපවාහිනියෙන් හා ගුවන්විදුලි සංස්ථාව මඟින් ප්‍රචාරණය කරවා ගත හැකිය.

    එහෙත්, මෙහි දී වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන අයුරින් කතා කිරීම,වෛරී සහගත ප්‍රකාශ කිරීම, තම කතාව වෙනත් කෙනකු ලවා කරවීම සම්පුර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

    සෑම අපේක්ෂකයෙකුම ඔවුන්ගේ කතා විකාශය වීමට නියමිත වේලාවට වඩා පැය 03 කට කලින් පටිගත කළ යුතු වන අතර පිටතින් පටිගත කරගෙන එන කතා පැය 24 ක ට පෙර අදාළ සංස්ථාවලට භාර දිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සැළසුම් අධ්‍යක්‍ෂ චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya