අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉකුත් සිව් වසරේ ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය ඉහළ ගොස් තිබෙන බව ජනපති පවසයි

    ඔක්තෝබර් 13, 2019

    ඉකුත් දශක පහකට ආසන්න යුගයේ පැවති සෑම ආණ්ඩුවක් කාලයේ ම රටේ වන ඝනත්වය පහළ ගොස් තිබෙන අතර, පරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසර තුළ කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය යම් ප‍්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ   (12) පෙරවරුවේ හබරණ, ගල්ඔය, රක්ෂිත භූමියේ දී පැවති “ වන රෝපා” ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

    රටේ සියලු ක්ෂේත‍්‍ර දුෂණයෙන් සහ අක‍්‍රමිකතාවයෙන් වෙලී යද්දී, අනගි සොබා දහම ද ඊට ගොදුරු වූ බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඉකුත් දශක කිහිපය පුරා සිදු වූ දැවැන්ත පරිසර විනාශයට දේශපාලනඥයන් මෙන් ම ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ද, ඊට සහය දුන් රාජ්‍ය නිලධාරින් ද වගකිව යුතු බව අවධාරණය කළේය.

    ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් 2015 වසරේ සිට කි‍්‍රයාත්මක වන “ පුනරුදය” ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහනට සමගාමී ව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාරත්මේන්තුව ඒකාබද්ධ ව සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහභාගිත්වයෙන් “ වන රෝපා” ජාතික රුක් රෝප වැඩසටහන ඔක්තෝබර් මාසයට යෙදෙන ජාතික රුක් රෝපණ මාසයේ දී දියත් කෙරේ.

    මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සනිටුහන් කරමින් ලංකා බැංකුවේ 80වන සංවත්සරයට සමගාමීව එම බැංකුවේ අනුග‍්‍රහය යටතේ හබරණ ගල්ඔය රක්ෂිතයේ හෙක්ටයාර් 100ක භූමි ප‍්‍රමාණයක වනාන්තර ප‍්‍රතිස්ථාපනය කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ. රක්ෂිතයේ හායනයට පත් වනාන්තර ප‍්‍රමාණයෙන් හෙක්ටයාර් 100ක් ආවරණය වන පරිදි පැළ 80,000ක් සිටුවීම එහි ඉලක්කය යි.

    ලංකාවේ වන ආවරණය 2030 වන විට මුළු භූමි ප‍්‍රමාණයෙන් 32‍% ක් දක්වා ඉහළ නැංවීම සඳහා වූ එක්සත් ජාතින්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුතිය හා අනුගත වෙමින් වනරෝපා වැඩසටහන කි‍්‍රයාත්මක වන අතර රටේ වන ඝනත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මෙම වසරේ ද විශේෂ ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නංවා තිබේ.

    රුක් රෝපණ මාසය ආරම්භ කරමින් රක්ෂිත භූමියේ පැළයක් රෝපණය කිරිම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    මාතලේ, මහනුවර, කුරුණෑගල, නුවරඑළිය දිස්ති‍්‍රක්කවල හෙක්ටයාර් 9,900ක භූමි ප‍්‍රමාණයක් වන රක්ෂිත වශයෙන් ගැසට් කිරීම සහ කඩොලාන ප‍්‍රදේශ හෙක්ටයාර් 14,800ක ප‍්‍රමාණයක් සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මඟින් ප‍්‍රකාශයට පත් කිරීමේ නිවේදනවලට ද මෙහිදී ජනාධිපතිතුමා අත්සන් තැබීය.

    මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ.සී වේරගොඩ, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඞ් සී පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya