අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම- කොට්ඨාස 17 ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගනී

    ඔක්තෝබර් 11, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසුමේ දී කොට්ඨාස 17 ම ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හිමි කර ගෙන  තිබේ.

    ගාල්ල ප්‍රධාන තේරිම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා විසින් ප්‍රකාශ කළ ඡන්ද ප්‍රතිඵල අනුව, මෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 23372ක් හිමිකර ගෙන ඇති අතර ලබාගත් සභික ධූර ගණන  17කි.එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 10113ක් ලැබී ඇති අතර හිමිව ඇති සභික ධූර ගණන 07කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273ක් ලබාගනිමින් සභිකධූර 03ක් හිමිකර ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435ක් ලැබී ඇති අතර හිමිකර ගත් සභිකධූර ගණන 2කි.ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඡන්ද 310ක් හිමිකර ගෙන ඇති අතර සභිකධූර කිසිවක් හිමිකරගෙන නැත.

    වලංගු ඡන්ද සංඛ්‍යාව 41503කි. ප්‍රතික්ෂේප ඡන්ද සංඛ්‍යාව 597කි. ප්‍රකශිත ඡන්ද සංඛ්‍යාව 42100කි. ලියපදිංචි ඡන්ද සංඛ්‍යාව 53384කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya