මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම 4.00ට අවසන් වෙයි- සාමකාමී ඡන්ද විමසීමක්- ඡන්දය ගණන් කිරීමට සූදානම්

    ඔක්තෝබර් 11, 2019

    ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (11) සිදු කෙරුණු අතර ප.ව.4.00ට ඡන්දය විමසීම  අවසන් විය.

    ඡන්ද විමසීමට අදාළ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යොදවා තිබූ අතර විශේෂ ආරක්ෂාවක්  යටතේ ඡන්ද ගනන් කිරීමේ මධ්යස්ථානවල ඡන්දය ගණන් කිරීමට නියමිතය.

    ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පැවැත්වුණු අතර ඉතාම සාමකාමී ලෙස ඡන්දය  පැවැති බව බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ චන්ද්‍රලාල් මහතා කීය.

     

    ඡන්ද කොට්ටඨාශ 17 හි පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලදී ගණනය කිරීම සිදු කෙරේ.රාත්‍රී 7.00 පමණ වනවිට ඡන්ද  ගණන් කිරීම අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම ඇල්පිටිය වෘත්තීය  පුහුණු ආයතන ගොඩනැගිල්ලේ සිදු කරන බවත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10ට පමණ නිකුත් කිරීමට  අපේක්ෂා කරන බවත් චන්ද්‍රලාල් මහතා තවදුරටත් පැවසීය.

    ඇල්පිටිය ඡන්ද විමසීම සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණු අතර ඉතාම සාමකාමී ලෙස ඡන්දය පවත්වා  අවසන් කිරීමට හැකි විය. ඡන්දය විමසීමෙන් අනතුරුව, ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීම සිදු කළ අතර අනතුරුව එම ඡන්ද මධ්‍යස්ථාන, ඡන්දය  ගනන් කිරීමේ මධ්‍යස්ථාන බවට පත් කර ඡන්දය ගණන් කිරීමට සියල්ල සූදානම් විය.

    ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 70% පමණ වෙතැයි අපේක්ෂා කරන බව ද රාත්‍රී 10.00ට සමස්ත ප්‍රතිඵලය  නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  මහින්ද දේශප්‍රිය මහතා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya