මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    ඔක්තෝබර් 11, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද දිනයේ දී ඉහළ මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (11) පෙරවරුවේ නිකුත් කර ඇති කාලගුණ වාර්තාවේ සඳහන් වේ.

    සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක තද වර්ෂාපතනයන් ද බලාපොරොත්තු විය හැකි බවත් එම වාර්තාවේ සඳහන් වේ.
    එමෙන්ම, සබරගමුව, මධ්‍යම, ඌව, සහ උතුරු-මද පළාත්වල ඇතැම් ස්ථානයන් හි දී උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද එහි සඳහන් වන අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya