මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩුආදායම්ලාභීන් සඳහා උපැස් යුවල නොමිලේ ලබාදීම ඇරඹෙයි

    ඔක්තෝබර් 11, 2019

    ලෝක දෘෂ්ථි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ පා ගමන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්විනි.

    ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා විෂන් 2020 වැඩසටහන මේ සදහා පූර්ණ දායකත්වය ලබාදෙනු ලැබීය.

    කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් පෙරවරුවේ ආරම්භ වූ මෙම ජනතාව දැනුවත් කිරීමේ පා ගමන වී.එෆ්.ආර්. සේනානායක මාවත ඔස්සේ ලිප්ටන් වටරවුම හරහා ජාතික අක්ෂි රෝහල වෙත ළඟා විය.

    ජාතික අක්ෂි රෝහලේ උපැස් යුවල සැකසීමේ මධ්‍යස්ථානය මෙතෙක් අක්‍රීය තත්ත්වයේ පැවැති අතර, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්විම මත එම වැඩපිළිවෙල යළි ආරම්භ කරන ලදි.

    එමගින් අඩු ආදායම්ලාභී අක්ෂි රෝගීන් සදහා උපැස් යුවල අද දින සිට නොමිලේ ලබාදීමට නියමිතය.

    එහිදී සංකේතාත්මක වශයෙන් උපැස් යුවල ප්‍රදානය කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කළ අතර, මාසිකව දෘෂ්‍ය ආබාධ සහිත අඩු ආදායම්ලාභීන් සදහා උපැස් යුවල 1000 ක් පමණ ලබාදීමට පියවර ගෙන තිබුණි.

    ඒ සදහා විෂන් 2020 වැඩසටහන සහ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දායකත්වය ලබා දී ඇත. තව ද අක්ෂි රෝහලේ පැවැති ඇසේ සුද හදුනා ගැනීමේ විශේෂ අක්ෂි සායනය ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් විය. මෙම අක්ෂි සායනයේ දී හදුනා ගනු ලබන රෝගීන් සදහා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම නොවැම්බර් මස 24 දින සිදු කිරිමට නියමිතය.

     

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නොමිලේ අක්ෂි කාච ලක්ෂයක් දැමීම වෙනුවෙන් අමාත්‍යවරයාට උපහාර පිරිනැමීම වෙනුවෙන් උත්සවයක් ද ජාතික අක්ෂි රෝහල සංවිධානය කොට තිබුනි.

     

    එම අවස්ථාව සදහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එල්.එල්.යු. සී. කුමරතිලක මහත්මිය, ජාතික අක්ෂි රෝහලේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya