අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය- මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ

    ඔක්තෝබර් 10, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානය කරා ප්‍රවාහනය කිරීම අද (10) උදේ ආරම්භ වූ බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ චන්ද්‍රලාල් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පැවැත්වෙන අතර ඒ සෑම මධ්‍යස්ථානයකටම ඡන්ද නිළධාරීන් 05 ත් 06 ත් අතර සංඛ්‍යාවක් ද ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 04 දෙනා බැගින් යෙදවීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා කීය.

     ඡන්ද කොට්ටඨාශ 17 හි පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලදී ගණනය කිරීම සිදු කෙරේ.රාත්‍රී 7.00 පමණ වනවිට ඡන්ද ගණන් කිරීම අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම ඇල්පිටිය වෘත්තීය පුහුණු ආයතන ගොඩනැගිල්ලේ සිදු කරන බවත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10ට පමණ නිකුත් කිරීමට  අපේක්ෂා කරන බවත් චන්ද්‍රලාල් මහතා තවදුරටත් පැවසීය.

    දහට(11)පැවැත්වෙන මෙම මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ තරග කරති.
    මෙම මැතිවරණය වෙනුවෙන් ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 800ක් හා ජංගම මුර සේවාවක්ද,පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇතැයි පොලීසිය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya