අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දෘෂ්ටි දිනයට සමගාමීව කොළඹ පාගමනක්

    ඔක්තෝබර් 10, 2019

    ලෝක දෘෂ්ටි දිනයට සමගාමීව මහජනතාව දැනුවත් කිරීමේ පා ගමන  අද (10)  කොළඹ දී පැවැත්වීමට නියමිතය.

    පාගමන පෙ.ව.8.00ට ආරම්භ වීමට නියමිත අතර විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වී එෆ්.ආර්.සේනානායක මාවත ඔස්සේ ලිප්ටන් වටරවුම හරහා ජාතික අක්ෂි රෝහල වෙත ලඟා වීමට නියමිතයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා ජාතික අක්ෂි රෝහල පාගමන සංවිධනය කරයි.


    මීට අමතරව ජාතික අක්ෂි රෝහලෙහි පැවැත්වෙන ඇසේ සුද හඳුනාගැනීමේ විශේෂ අක්ෂි සායනයක් ද පැවැත්වෙයි.  ජාතික අක්ෂි රෝහලෙහි උපැස් සැකසීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම ද සිදු වෙයි. මෙම අවස්ථාවන්ට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගී වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya