අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් පවත්වනු ලබන ජනමාධ්‍ය ඡයාරූපශිල්පී වැඩමුළුව අද

    ඔක්තෝබර් 10, 2019

    වෘත්තීය ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් පවත්වනු ලබන ජනමාධ්‍ය ඡයාරූපශිල්පී වැඩමුළුව අද (10)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ඡායාරූප ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒකාබද්ධව සංවිධානය කරන  මෙම වැඩමුළුව පෙ.ව.9.00 සිට 3.30 දක්වා පැවැත්වෙයි.

    මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්  නාලක කළුවැව මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි වෙයි.

    ශ්‍රි ලංකාවේ ප්‍රධාන පුවත්පත්වල,අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවාවල, මෙන් ම පිළිගත් වෙබ් අඩවිවල වෘත්තීය  ඡායාරූප මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම හා කුසළතාව සංවර්ධනය කර නූතන ජනමාධ්‍ය භාවිතය හා  තාක්ෂණික ප්‍රවණතා සමඟ ඉදියට ගමන් කරන වෘත්තීය පිරිසක් බවට පත් කිරීම මෙහි අරමුණ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya