අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''දෙසතිය'' පුවත් සඟරාව ශ්‍රී ලංකා තැපෑල සමඟ නව ගමනක් අරඹයි

    ඔක්තෝබර් 09, 2019

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල මුද්‍රිත පුවත් සඟාරව වන ''දෙසතිය සඟරාව'' මහජනතාවට ලබාගැනීමට හැකි අවස්ථාව තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකා තැපෑල වෙත බාර දීම අද (9) සිදු කෙරිණි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ සහ තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ  මඟපෙන්වීම මත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම  වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර දෙසතිය සඟරාව තැපැල් කාර්යාලවල අලෙවි කිරීමට ඉඩකඩ සැලසීම මෙහි  අරමුණ වී තිබේ. ඒ වෙනුවෙන් දෙසතිය සඟරාවේ ඔක්තෝම්බර් කලාපය අද (09) දිනයේ දී ශ්‍රී ලංකා තැපැල්  දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කෙරිණි.

    ලෝක තැපැල් දිනය සැමරීමේ උත්සවය අවස්ථාවේ දී  දෙසතිය මාසික  සඟරාවේ අධීක්ෂණ සංස්කාරක,සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලකරත්න ලියනපටබැදි මහතා විසින් තැපැල්පති  රංජිත් ආරියරත්න මහතා වෙත  දෙසතිය පුවත් සඟරාවේ පිටපතක් පිළිගැන්වූ අතර තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ''දෙසතිය සඟරාව''  තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා වෙත පිළිගන්වනු ලැබීය.

    මේ අවස්ථාවට දෙසතිය සඟරාවේ සංස්කාරක මාලා මල්කාන්ති පරණගමගේ මෙනවිය ඇතුළු සංස්කාරක  මණ්ඩලයේ නිලධාරිහු පිරිසක් ද එක්විය.

    desthiya

     

    desathiyaaa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya