අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල - 2020 සඳහා අයදුම්පත් කැඳවයි

    ඔක්තෝබර් 09, 2019

    දශක නවයක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකේය විද්‍යුත් සන්නිවේදනයේ ගුවන්විදුලියේ මාධ්‍ය නියුක්තිකයින් රාජ්‍ය මට්ටමින් අගයනු වස් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි උපදේශක සභාව මඟින් සංවිධානය කරනු ලබන "ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල" මෙවර ද ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර ඇත.

    මෙම සම්මාන උළෙල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සියලුම ගුවන් විදුලි නාලිකා සඳහා විවෘත වන අතර ගුවන් විදුලිය සඳහා රාජ්‍ය හා පෞද්ගලිකව විශිෂ්ට මෙහෙවරක් සිදු කළ සියලු දෙන අගය කිරීම සඳහා මෙම උළෙල
    සංවිධානය කරනු ලැබේ.


    ඒ අනුව ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020 පෙබරවාරි මස 13 වන දින ලෝක ගුවන්විදුලි දිනයට සමගාමී ව පැවැත් වේ. මෙම තරඟය සඳහා සම්බන්ධ අයදුම්පත් හා චක්‍රලේඛ 08 වන මහළ ,සෙත්සිරිපාය,බත්තරමුල්ල පිහිටි සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ද,  www.culturaldept.gov.lk සහ https://www.facebook.com/culturaldept.gov.lk/?ref=bookmarks යන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් හා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලෙකම් කාර්යාලවල සංස්කෘතික නිළධාරීන් මඟින් ද ලබා ගත හැකි වේ.


    අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2019.10.30 වේ. විමසීම් සඳහා 011-2872044 හෝ 011-2872031 යන දුරකථන ඔස්සේ සම්බන්ධ විය හැකි අතර වැඩිදුර විස්තර 2019 ඔක්තෝබර් 18 වන දින ගැසට් පත්‍රයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya