අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    145 වන ලෝක තැපැල් දිනය අදයි

    ඔක්තෝබර් 09, 2019

    145 වන ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ.

    වසර 1969 දී ලෝක තැපැල් දිනය අද දිනක ප්‍රථම වරට පවත්වන ලද අතර, මෙම උත්සවය ජපාන අගනුවර වන ටෝකියෝ නගරයේ සිදු වූ ලෝක තැපැල් සේවක සංගමයේ සම්මේලනයේ සහභාගීවන්නන් විසින් තීරණය කරන ලදී. 1874 දී ලෝකයේ රටවල් 22 ක නියෝජිතයින් ස්විට්සර්ලන්තයේ බර්න් නගරයට රැස් ව සාමාන්‍ය තැපැල් සංගමය පිහිටුවන ලද ලියවිල්ලකට අත්සන් තබන ලදී. එම වැදගත් සිදුවීමෙන් වසර හතරකට පසු සාමාන්‍ය තැපැල් සංගමය, විශ්ව තැපැල් සංගමය (යූපීයූ) ලෙස නම් කරන ලද අතර මෙය අද වන විට පවතින ජාත්‍යන්තර සංවිධානයේ නමයි. 21 සියවසේ දී යූපීයූ ව ට ලෝකයේ රටවල් 189 ක් ඇතුළත් වී ඇත.


    තැපැල් සේවය මගින් ලෝකයේ විවිධ ප්‍රදේශ වෙසෙන ජනතාව අතර සන්නිවේදනයක් පමණක් නොව භාණ්ඩ ප්‍රවාහනය ද සිදු වේ. රුසියාව තැපැල් සංගමයේ පැරණිතම සාමාජිකයින්ගෙන් එකකි. අද වන විට රුසියාවෙහි තැපැල් සේවා මධ්‍යස්ථාන සහ තැපැල් කාර්යාල 42,000 ක් රටේ භූමි ප්‍රදේශයේ පිහිටා ඇති අතර රුසියාවේ ජනගහනයෙන් සියයට 99 කට තැපැල් සේවා භාවිතා කිරීමට අවස්ථාව තිබේ. වර්තමානය වන විට තැපෑල 19 වන සියවසේ දී ක්‍රියාත්මක වූ ලිපියට වඩා බෙහෙවින් වෙනස් ය. ගනුදෙනුකරුවන්ට සපයනු ලබන සේවා පරාසය සැලකිය යුතු ලෙස පුළුල් වී ඇත. මෙමඟින් ලිපි සහ පාර්සල් බෙදා හැරීම, නාමාවලි වෙළඳාම, තැපැල් බැංකුකරණය, විද්‍යුත් වාණිජ්‍යය සහ තවත් බොහෝ දේ සිදු කිරීමට තැපෑල හරහා සිදු ව ඇත. වසරින් වසර, තැපැල් සේවා පරාසය පුළුල් වේ.

    වර්තමානයේ සාමාන්‍ය තැපෑල විවිධ පරිවර්තනයන්ට මුහුණ දීමට තාක්ෂණික විප්ලවය ද බලපා ඇත. විද්‍යුත් තැපෑල  (e-mail) ලොව සියලුම රටවල පාහේ භාවිතා වන ප්‍රචලිත සන්නිවේදන ක්‍රමයක් බවට පත් වී ඇත. ඒ කෙසේවුව ද තැපෑල තවමත් විවිධ තාක්ෂණික ක්‍රමවේදයන්ට භාජනය වෙමින් පවතින අතර එක අයුරකින් ජනතාවට සේවයක් ලබා දෙනවා මෙන්ම ඉන් ආර්ථික ප්‍රතිලාභයක් ද ලබන්නා වූ ද විශේෂිත වූ සන්නිවේදන ක්‍රමයකි.

    මෙවර ලෝක තැපැල් දිනය සැමරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව මඟින් තැපැල් සතියක් වෙන් කර එම සතිය තුළ තැපෑල අර්ථවත් කිරීමේ අරමුණින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබිණි. ඒ අනුව, රුක් රෝපණ වැඩසටහනක් දිවයින පුරා පවතින තැපැල් කාර්යයාල පරිශ්‍ර වල සිදු කිරීම, ලේ දන් දීම වැනි සමාජ ශුභ සාධන වැඩසහන් ක්‍රියාත්මක කිරීම, මුද්දර කාර්යාංශය හා එක්ව මුද්දර ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම වැනි අරුත්බර වැඩසටහන් සිදු කරීමට කටයුතු කර ඇත.

    එමන්ම, ලෝක තැපැල් දිනය වෙනුවෙන් විශේෂිත සමරු මුද්දර තුනක් ද නිකුත් කිරීමට ද කටයුතු කර ඇති අතර නව ශ්‍රී ලාංකීය තැපැල් ලාංඡනය ද හඳුන්වා දීම ට ද කටයුතු සම්පාදන කර ඇත.

    දශක දෙකකට අධික කාලයක් පැවති තැපැල් දෙපාර්තමේන්තුව ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුවලින් එකකි. ශ්‍රී ලංකා තැපැල් සේවය ගත් කල ජනතාවට සිදු කෙරන සේවය සුළුපටු නොවේ. දිනකට ඉතා විශාල ප්‍රමාණයක ලිපි සහ භාණ්ඩ හුවමාරු කිරීමේ කටයුතු ඉතා ඉක්මණින් කාර්යක්ෂමතාවයකින් යුතුව සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. විවීධ ආයතනයන් හා ඒකාබද්ධ වී ජනතාවට අවශ්‍ය විවිධ සේවාවන් තැපෑල මඟින් සැපයීමට ද තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ජල විදුලි හා දුරකථන බිල්පත් ගෙවීම්, මුදල් හුවමාරු කිරීම, සාමාන්‍ය සහ ලියාපදිංචි ලිපි හුවමාරුව, වැඩිහිටි දීමනා ගෙවීම් කටයුතු සිදු කිරීම, රක්ෂණ වාරික සඳහා මුදල් අයකිරීම්, කුරියර් පහසුකම, අධිවේගී තැපෑල, තොග තැපෑල වැනි සේවාවන් රැසක් නව තාක්ෂණික දැනුම තැපැල් සේවාව සඳහා උපයෝගී කරගනිමින් වඩාත් ඵලදායි සේවාවන් රැසක් මහනජතාවට ලබා දීමට කටයුතු කිරීම වටී. එමෙන්ම ජාත්‍යන්තර තැපෑලේ නව නැමියාවක් දක්නට ලැබෙන අතර ඊ-වානිජ්‍යය(e-commerce)  ඔස්සේ මෙරටට විදේශයේ සිටඇණවුම් කරන භාණ්ඩ ගෙන්වීමේ දී එම භාණ්ඩ මනජනයා වෙත ආරක්ෂාකාරී ව ලබා දීමට අවශ්‍ය කටයුතු ක්‍රමානුකුල ව සිදු කරයි. ඒ වයේ අන්තර්ගත භාණ්ඩ යම් යම් ආරක්‍ෂිත හේතුන් මත ස්කෑන් පරීක්ෂාවකින් පසු අදාල පුද්ගලයා වෙත ලබා දීමට කටයුතු සිදු කරනු ලබයි. මත්ද්‍රව්‍ය වෙළඳාම සඳහා කිසිදු ඉඩකඩක් ලබා නොදීමට අවශ්‍ය කටයුතු ද ඊට අවශ්‍ය නෛතික රාමුව ද ක්‍රියාත්මක කරමින් තම සේවාව විශ්වසනීය ව මහජනතාව ට ලබා දීමට කටයුතු කරයි. මැතිවරණ කටයුතු සඳහා උපරිම අයිරින් තම දායකත්වය ලබා දීමට කටයුතු කිරීම ද මෙහි තවත් එක් ප්‍රමුඛ සේවාවකි. එමන්ම B- Post ක්‍රමය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට හැකියාව ලබා දීම මඟින් දේශීය ව්‍යවසායකයින් සඳහා සපයන අත්වැල ද සුළුපටු නොවනු ඇත.

    තව ද, ශ්‍රී ලංකා තැපෑල දෙපාර්තමේන්තුවට අයත් තැපැල් කෞතුකාගාරයක් පවතින අතර එය පාසල් දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපනික වශයෙන් මෙන්ම තැපෑල් කටයුතු හා එහි ඉතිහාසය අධ්‍යනය කරන්නෙකුට ඉතා හොද දැනුම් ලබා දෙන තෝතැන්නක් ද වනු ඇත. මෙදිනට සමගාමී ව මුද්දර කාර්යාංශය මඟින් පවත්වනු ලබන මුද්දර ප්‍රදර්ශනය, මුද්දර සඳහා ඇලුම් කරන අයවලුන්ට ඉතා වැදගත් අවස්ථාවක් ද වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya