අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය 2019- පොලිතීන් තහනම්! නීතිවිරෝධී පෝස්ටර් බැනර් ඉවත් කිරීමට කම්කරුවන් 1045ක්

    ඔක්තෝබර් 08, 2019

    නිතිවිරෝධි ආකාරයට පෝස්ටර් බැනර් ආදිය ප්‍රදර්ශනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අත් අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    සැරසිළි පොලිතීන් භාවිතයෙන් සිදු කිරීම තහනම්  වෙයි. පොලිතීන් භාවිතය සැරසිලි සඳහා භාවිතා කිරීමට එරෙහිව ජනාධිපතිවරණ පනතේ තිබෙන ප්‍රතිපාදනවලට අමතරව ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරවත් අදාළ තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීම හා එහි කටයුතු සිදු කෙරෙන බවත් ඒ පිළිබඳව සෑම පොලිස් ස්ථානයක් ම දැනුවත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

    නීතිවිරෝධී ප්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කිරීමට විශාල වියදමක් දැරීමට සිදුව තිබේ. ඒ සඳහා පොලිස් ස්ථාන වෙත තාවකාලිකව කම්කරුවන් ආදේශ කිරීමටත් අනුමැතිය හිමිව තිබේ. නීති විරෝධී පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට කම්කරුවන් 1045ක් දිවයින පුරා පොලිස් ස්ථානවලට ආදේශ කර ගැනීමට අනුමැතිය දී තිබේ.නීතිවිරෝධී ප්‍රදර්ශන ඉවත් කිරීමට රුපියල් මිලියන 45.8ක මුදලක් වෙන් කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya