මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තැපැල් ලාංඡනය හෙට දිනයේ දී නිකුත් කෙරේ - තැපැල්පති

    ඔක්තෝබර් 08, 2019

     ඔක්තෝම්බර් 09 දිනට යෙදෙන 145 වන ලෝක තැපැල් දිනයට සමගාමී ව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තම පැරණි තැපැල් ලාංඡනය වෙනුවට වර්තමානයට ගැළපෙන පරිදි නව තැපැල් ලංඡනයක් හඳුන්වා දීම සිදු කෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසූයේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවතී මාධ්‍ය හමුවට එක්වෙමිනි.

     ජාත්‍යන්තර තැපැල් දිනය වෙනුවෙන් තැපැල් සතියක් වෙන් කළ අතර එම සතිය තුළ දී සෑම තැපැල් කාර්යාලයක දී ම දිවයින පුරා රුක්රෝපණ වැඩසටහනක් සිදු කළ බවත්, විවිධ සමාජ ශුභ සාධන වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක කළ බවත්, මුද්දර ප්‍රදර්ශනයක් හෙට දිනය වන තෙක් ශ්‍රී ලංකා තැපැල් මුලස්ථානයේ දී පැවැත්වෙන බවත්, මෙහි දී සඳහන් විය.

    05 වන දින අවර්ත්තිතා වගුව ලොවට හඳුන්වා දී වසර 150 ක් පිරීම නිමිත්තෙන් නව මුද්දරයක් ද , 07 වන දින සංචාරක දිනය හා ස්වභාෂා දිනය හේතු කොට ගෙන නව මුද්දරයක් ද, අද දින (08) සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා වෙනුවෙන් කැළණිය රජ මහාවිහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමියන්ගේ සහභාගිත්වයෙන් නව මුද්දරයක් ද නිකුත් කළ බවත්, හෙට දිනයේ දී විශේෂිත සමරු මුද්දර තුනක් නිකුත් කිරීම සිදු වන බවත් මෙහි දී සඳහන් විය.

    එමෙන්ම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව දෙසතිය සඟරාව තැපැල් කාර්යාලවල අලෙවි කිරීමට ඉඩකඩ සැලසීමටත්, ඒ වෙනුවෙන් දෙසතිය සඟරාවේ මෙවර කලාපය හෙට දිනයේ දී තැපෑල වෙනුවෙන් නිකුත් කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු ක‍ර ඇති බවත් මෙහි දී සඳහන් කෙරිණි.


    නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්වරුන් ද මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya