අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ රක්ෂිත තැපෑලක්

    ඔක්තෝබර් 08, 2019

    එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විශේෂිත කාර්යය භාරයක් සිදු කරන බවත් ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛන ''ප්‍රමුඛ සේවා ලේබලය'' යටතේ තැපැල් කාර්යාලවලට භාර ගැනීම සහ බෙදා හැරීම සිදු කෙරන බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසූයේ, අද (08) දින තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ මුලිකත්වයෙන්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවතී මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ලියාපදිංචි ඡන්ද දායකයින් තැපෑලෙන් ඇමතීමට හැකියාව ලැබෙන අතර ඊට අදාළ පහසුකම් සැලසීමට කටයුතු කරන බව   රාජිත රණසිංහ මහතා පැවසීය. ඒ අනුව, ඕනෑම අපේක්ෂකයෙකුටම තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක ලිපියක් මඟින් සෑම ඡන්ද දායකයෙකුටම නොමිලේ යැවිය හැකි වේ.මෙම  විශේෂ තැපෑල හරහා ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛණ යැවීමේ කටයුතු සිදු කෙරේ.

    මෙම කටයුත්ත මැතිවරණ කොමිෂන් සභාව සමඟ එකාබද්ධව සිදු කෙරේ.මෙම කාලසීමාව තුළ විශාල ලිපි ප්‍රමාණයක් බෙදා හැරීමට සිදු වෙතැයි අපේක්ෂා කරන බව කී නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊට අඳාළ සියලු ලේඛන විශේෂ රක්ෂිත තැපෑලක් හරහා යැවීමට පියවර ගන්නා බවද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya