අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද ප්‍රචාරක කටයුතු අද රෑ 12.00 ට අවසන්

    ඔක්තෝබර් 08, 2019

    ඔක්තෝබර් 11 වැනි  දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (08) මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වේ.

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 53543 කි. ඡන්ද කොට්ඨාස 17 ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 47 ක දී ඡන්ද විමසීම පැවැත්වෙන බව   ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසිය.

    මෙම ඡන්ද විමසීමේ දී කොට්ඨාස මට්ටමෙන් මන්ත්‍රීවරු 17 ක් ද සමානුපාතික ක්‍රමය යටතේ මන්ත්‍රීවරු 11 ක් ද වශයෙන් තේරී පත්වන මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 28 කි. ඡන්ද විමසීමේ කටයුතු සඳහා නිළධාරීන් 700 ක් පමණ යොදවන බවත් ඡන්ද ගණන් කිරීම එම ඡන්ද මධ්‍යස්ථාන තුළ දීම සිදු කොට සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීම ඇල්පිටිය වෘත්තීය පුහුණු ආයතන ගොඩනැඟිල්ලේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇති බවත් චන්ද්‍රලාල් මහතා කීය.


    ඔක්තෝබර් 11 වැනි දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඡන්ද ප්‍රතිඵල එදින රාත්‍රී 08.00 පමණ වන විට නිකුත් කළ හැකි වනු ඇති ද ඒ මහතා තවදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya