අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතුවල නිරත වු පුදගලයින් හතක් නාවික හමුදා භාරයට

    ඔක්තෝබර් 07, 2019

    නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමක දී බලපත්‍ර නොමැතිව කිමිඳුම් කටයුතුවල නිරත වු පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත.

    ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී බලපත්‍රයක් නොමැතිව කිමිඳුම් කටයුතු වල නිරිත වු පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම පිරිස සතුව තිබි ඩිංගි යාත්‍රා දෙකක් සහ කිමිඳුම් කටයුතු සඳහා යොදා ගන්නා ආම්පන්න තොගයක් සොයා ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 48 ත් අතර වියෙහි පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

    මෙලෙස නාවික හමුදා බාරයටගත් අනවසර කිමිඳුම් කරුවන්, ඩිංගි යාත්‍රා සහ කිමිඳුම් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya