අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චාවකච්චේරි සහ කෝපායි නිවාස ව්‍යාපෘති ප්‍රතිලාභීන් අයිතියට

    ඔක්තෝබර් 06, 2019

    නැවත පදිංචි කරනු ලබන හා යළි පදිංචි වීම සදහා දිවයිනට පැමිණෙන සරණාගතයින් සදහා යාපනය දිස්ත්‍රික්කය තුළ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතීන් යටතේ චාවකච්චේරී හා කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිවාස ප්‍රතිලාභීන් වෙත පවරා දීම ඊයේ(05) දින සිදු කෙරිණි.

    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ප්‍රතිලාභීන් වෙත පවරා දීම සිදු කෙරිණි.

    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම නිවාස වැඩසටහන යටතේ 2019 වර්ෂය තුළ උතුරු නැගෙනහිර නිවාස 10,000 ක ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව ඇත. මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10,000 කි.

    ඒ අනුව චාවකච්චෙරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොඩිකාමම් දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ නිවාස 07 ක් සහ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 07 ක් සංකේතාත්මකව ප්‍රතිලාභියා වෙත පවරා දීම සිදු කෙරිණි. චාවකච්චේරී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ නිවාස 300 ක් සහ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ නිවාස 247 ක් ඉදිකරනු ලැබේ. මෙම එක් නිවසක් සදහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියනයකි.

    මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් අතිරේක ලේකම් එස්.මුරලිදරන් මහතා, චාවකච්චේරී ප්‍රාදේශීය ලේකම් දේවානන්දනී බාබු මහත්මිය, කෝපායි සහකාර අධ්‍යක්ෂක සැලසුම් ඊ. තිලීපන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya