අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස් කාලයේ වැසි තත්ත්වයේ ඉහළ යෑමක්

    ඔක්තෝබර් 06, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර,දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya