මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා කොරියාව අතර සබඳතා තුළින් මෙරට ආර්ථිකයට වාසි රැසක් - ඇමති සාගල රත්නායක

    ඔක්තෝබර් 06, 2019

    ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින සම්බන්ධතාවයන්හි ප්‍ර‍තිඵලයක් වශයෙන් මෙරට සමාජීය සහ ආර්ථික සංවර්ධනයේ විශාල ප්‍ර‍ගමනයක් සිදුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ බව පැවසූයේ, කොරියානු සමූහාණ්ඩුවේ ජාතික දිනය නිමිති කරගනිමින් පසුගියදා (03) කොළඹ ශැන්ග්‍රිලා හෝටලයෙහි පැවති උත්සවයේ දී අදහස් දක්වමිනි.

    එම අවස්ථාවට ශ්‍ර ලංකාවේ දකුණු කොරියානු තානාපති Lee Heon මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් විය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,
    “කොරියාව සහ ‍ශ්‍රී ලංකාව අතර පවතින්නේ සුවිශේෂී සබඳතාවයක්.එම සබඳතාව එකිනෙකා අතර ගෞරවය, විශ්වාසය සහ මිත්‍රත්වය මත පදනම් වී තිබෙනවා.මෙසේ පරිණාමය වෙමින් එන අපේ සම්බන්ධකම් හා බැඳීම් සඳහා සියවස් ගණනාවක් පුරා විහිදෙන බෞද්ධ සංස්කෘතික පසුබිම විශාල වශයෙන් දායක වී තිබෙනවා. 1977 නොවැම්බර් 14 දා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූ දා පටන් විවිධ ක්ෂේත්‍ර‍න්හි විහිදුණු ද්වී පාර්ශ්වික සබඳතා අප දෙරට අතර පැවතිලා තියෙනවා. තවදුරටත් ආර්ථිකමය හා දේශපාලනික වශයෙන් පුළුල් සබඳතා පැවැත්වීමට අපි අපේක්ෂා කරනවා. ඒ තුළින් ගෝලීය වටිනාකම් ඒකාබද්ධ කිරීම, දැනුම පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කිරීම සිදු කෙරෙඑනවා වගේම රේගු සහයෝගීතාව, තාක්ෂණික මාරුවීම් ආදිය සිදු කරමින් සහයෝගීව නව මාවත් සඳහා විවෘත වන්නටත් වෙළඳාම, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරන්නටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

    2019 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාව සහ කොරියානු සමූහාණ්ඩුව අතර ද්වී-පාර්ශ්වීය ගිවිසුමක් අත්සන් කෙරුණා. ස්වභාවික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ආකාරයේ විශාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා එම ගිවිසුම අත්සන් කෙරුණා. මේ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 6 ක් ආයෝජනය කරලා තියෙනවා. එම ව්‍යාපෘතිය 2019 වර්ෂයේ සිට 2022 කාලය දක්වා විපතට පත්වන ජනතාව වාසය කරන මඩකලපුව, මන්නාරම, මුලතිව්, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්කවල ජනතාව සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මෙමගින් නියං කාලයේ ජලය සැපයීම, වෘත්තීය සමාජයන් ශක්තිමත් කිරීම, ගෙවතු මගින් එන ආදායම වැඩිකිරීම, මෙම ප්‍රදේශයන්හි පැරණි ජල පෝෂකාගාර ප්‍රතිසංස්කරණය කිරීම ආදිය සිදුකෙරෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ළමයින්ට කොරියාවේ උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා අවස්ථා හිමිවෙනවා.


    ජනාධිපති සහ අගමැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම තාක්ෂණික මධ්‍යස්ථානය ඔරුගොඩ ප්‍රදේශයේ විවෘත කෙරුණා. මෙය ශ්‍රී ලංකාව හා කොරියාව අතර සම්බන්ධයේ සුවිසල් ප්‍රතිඵලයක් වශයෙන් හදුනාගත හැකියි. ඒ වගේම දෙරට අතර පවතින ආර්ථික, ව්‍යාපාරික සහ අධ්‍යාපනික සබඳතා දෙරටෙහිම සංචාරක ව්‍යාපාරයේ දියුණුවට විශාල බලපෑමක් සිදු කරනවා. දෙරටේ මිනිසුන් අතර ඇති සබඳතා ද මේ තුළින් වර්ධනය වෙනවා. මේ වනවිට 30 000 කට ආසන්න ප්‍ර‍මාණයක් කොරියාවේ රැකියාවේ නියුතු වන අතර ඔවුන් කොරියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකය පෝෂණය කරන්න දායකත්වය සපයනවා. මේ සේවකයින් විශේෂයෙන්ම දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍ර‍, ගොඩනැගිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තයෙහි සේවයේ යෙදෙනවා. ඒ තුළින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙන එනවා. ” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya