අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය දූෂණයෙන් තොර ජනතාවාදී රාජ්‍ය පාලනයක් බව ජනපති පවසයි

    ඔක්තෝබර් 06, 2019

    රටේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය දූෂණයෙන් තොර ජනතාවාදී රාජ්‍ය පාලනයක් බව  ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) පස්වරුවේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවති සමුළුවක් අමතමිනි.

    ඥාති සහ හිතමිත‍්‍ර සබඳතා මත දූෂණයට ඉඩ තැබීම තම දේශපාලන ප‍්‍රතිපත්තිය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා කියා සිටියේ රටේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය දූෂණයෙන් තොර ජනතාවාදී රාජ්‍ය පාලනයක් බවයි.

    තම පස් වසරක පාලන කාලය තුළ දූෂණය සහ වංචාව මැඩැලීමට ගත හැකි සෑම පියවරක්ම ගත් බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා පැවති රජයේ මෙන්ම පවතින රජයේ ද වංචා දූෂණ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා පත් කළ එකම ජනාධිපතිවරයා තමා බව ද කියා සිටියේය.

    එමෙන්ම මීට පෙර සිටි සියලූ ජනාධිපතිවරුන්ට තිබූ චෝදනාවන් වන මිනිස් ඝාතන, පෞද්ගලික දේපළවලට හානි කිරීම් හා දේශපාලන පළිගැනීම් පිළිබඳ ඒකම චෝදනාවක් තමාට නොමැති බව පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙම නොවැම්බර් මැද භාගය වන විට තමා ජනාධිපති ධූරයේ නිල කාලය අවසන් කර ඊළග පියවර තබන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට තිබූ එම චෝදනා ලැයිස්තුවෙන් එකම චෝදනාවක්වත් නොමැති පිරිසිදු දේශපාලනඥයෙකු ලෙස බවයි.

    ලබන 11 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී පිරිසිදු සහ නිවැරදි දේශපාලඥයන් පිරිසක් තෝරා පත් කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපතිතුමා එම ජනතාවට පෙන්වා දුන්නේ ය.

    “තීන්දුව හරි අතට” තේමාව යටතේ   දීප ව්‍යාප්තව පවත්වන සමුළු මාලාවේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya