අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් රැසක් ගැන කොමිසමෙන් පරික්ෂණ

    ඔක්තෝබර් 05, 2019

    ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති උල්ංඝනය කිරිමේ සිද්ධින් රාශියක් පිළිබඳව ලැබි පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැන් පරික්ෂණ පවත්වාගෙන යන බව මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    රජයේ දෙපාර්තමේන්තු හා සංස්ථාවල අලුතින් පත්විම් ලබාදීම්,මාරු කිරිම්, උසස්විම් ලබාදිමේ සිද්ධින් ගණනාවක් පිළිබඳව ලැබි ඇති පැමිණිලි විභාග කිරිමෙන් පසු ඒවා අත්හිටුවිමට පියවර ගත් බව මැතිවරණ මහලේකම් කාර්යාලය (04) පැවැති මාධ්‍ය හමුවක දි ඒ මහතා ප්‍රකාශ කළේ ය.

    මැතිවරණ කොමිෂන් සභාවේ පිහිටුවා ඇති පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට අමතර ව සැම දිස්ත්‍රික්කයක ම මැතිවරණ කාර්යාලයකට ම මෙවැනි පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.මේවාට ලැබෙන පැමිණිල්ලක් ම අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසා විභාග කරන බවත්,ඒ අනුව හම්බන්තොට බෙදාහැරිමට යවා තිබු සිමෙන්නි තොගයක් ආපසු කොළඔට ගෙන්විමට පියවර ගත් බවත්,සභාපතිවරයා කීය.

    මේ අතර අපේක්ෂකයෙකුගේ රුව සහිත ඔහුගේ පණිවිඩ ද ඇතුළත් ප්‍රචාරක පටයන් ඩිජිටල් නාම පුවරුවක ප්‍රදර්ශනය කිරිමේ සිද්ධින් දෙකක් ඔක්තෝබර් 01දා වැලිකඩ හා නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශ වලින් වාර්තා වී ඇත.ඒ සම්බන්ධයෙන් අපේක්ෂකයගේ පාර්ශවකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරගෙන යන බව මෙම මාධ්‍ය හමුවේ දි අදහස් දැක් වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොල්ස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා පැවසිය.

    මැතිවරණ කොමිසන් සභාවේ සෙසු සාමාජිකයින් වන මහාචාර්ය රාජන් හූල්, ජනාධිපති නිතිඥ නලින් අබේසේකර යන මහත්වරුන් හා කොමිසන් සභාවේ උසස් නිලධාරිහු ද මෙම මාධ්‍ය හමුවට එක් වි සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya