මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීනතම විද්‍යාගාර පහසුකම් සහිත ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත වෙයි

    ඔක්තෝබර් 05, 2019

    ලෝකයේ නවීනතම විද්‍යාගාර පහසුකම් හා නව අංගෝපාංග ඇතුළත් මිලියන 167ක වියදමින් ඉදිකර ඇති ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නව ගොඩනැගිල්ල විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) උදෑසන විවෘත විය.

    ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කායික හා මානසික නිරෝගී බව පවත්වාගෙන යාම සඳහාත්, ඔවුන්ගේ රෝග නිවාරණය සඳහාත් මෙරට පිහිටුවා ඇති එකම වෛද්‍ය ආයතනය මෙයයි. මෙම ආයතනය තුළින් හදිසි ප්‍රතිකාර සේවා, ප්‍රථමාධාර හා සියළු වෛද්‍ය ආවරණ , ඖෂධ විටමින් වර්ග හා අමතර පෝෂක ලබා දීම , කායික චිකිත්සාව, භෞතික චිකිත්සාව, සම්භාහක චිකිත්සාව හා කටු චිකිත්සාව ,පෝෂණය , කායික විද්‍යාව,කායික විද්‍යාව ආදී ක්‍රීඩා විද්‍යා හා වෛද්‍ය විද්‍යා පර්යේෂණ රාශියකින් සමන්විතය.

    ශ්‍රී ලාංකික ක්‍රීඩක ,ක්‍රීඩිකාවන් පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තරය දක්වා යෑමේදී ඔවුන් නිරෝගීමත්ව එම තරඟාවලීන්ට යොමු කිරීමට මෙම ආයතනය කැප වී සිටී.

    ඉදිරියේදී මෙම ආයතනයේ නම ජාතික ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය විද්‍යා ආයතනය ලෙස වෙනස් කිරීමට කෙරෙනු ඇත.

    ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා,ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya