අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඔක්තෝබර් - පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයයි''

    ඔක්තෝබර් 05, 2019

    ශ්‍රී ලංකාවේ වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 3000- 3500 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

    පසුගිය වසර 25 ක කාලය තුළ අලුතෙන් හඳුනාගන්නා ලද පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වී ඇත. ශ්‍රී ලකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පිළිකාව පියයුරු පිළිකාවයි. 2017 දත්ත වලට අනුව ශ්‍රී ලනක්වේ පියයුරු පිළිකා රෝගීන් ගේ සංඛ්‍යාව 3165 ක් පමණ වී ඇත. වර්හ්ට්මාන්ය වන විට ඉහල අගයක් වී ඇත.
    පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන මුලික අවස්ථාවේ දී ප්‍රතිකාර කිරීමෙන් නැවත මතු නොවී පාලනය කර ගැනීමේ හැකියාව ඉතා ඉහළ අගයක් ගනී. මුල් අවස්ථාවේ දී හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මඟින් සම්පුර්ණ පියයුර ඉවත් නොකර වඩා සරල ශල්‍ය කාර්ම මඟින් පිළිකාව පමණක් ඉවත් කිරීම හැකිය. ඉන්පසු සාමාන්‍ය ජිවිත ගත කිරීමට හැකියාව ලැබේ.

    කෙසේ වුව ද, තවමත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ පිළිකාව පැතිරීමෙන් පසුව බවත්, අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම නිසි අවබෝධයකින් යුතුව පියයුරු පරීක්ෂාවක් සිදු කරගත යුතු බවත්, එමෙන්ම සෑම මසක දී ම ඔසප් වීමේ දිනයෙන් දින 7 10 ත් අතර කාලය තුළ නිශ්චිත දිනයක දී ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදු කරගත යුතු බවත් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදු කර ගත යුතු බවත්, එසේ නොහැකිනම් සායනික ව හෝ පරීක්ෂණයකට බඳුන් වන්නේනම් තම
    ජීවිතය මෙන්ම මුදල් ද ඉතිරි කර ගත හැකි බවත්, පිළිකාව කල් තියා හඳුනාගැනීම සඳහා රට පුරා පැවැත්වෙන ''සුවනාරි සායන" සහ ''සුව දිවි මධ්‍යස්ථාන" මඟින් සලසා දෙන අතර සමහර තෘතියික සත්කාර රෝහල් තුළ පවත්වනු ලබන "පියයුරු සායන" මඟින් ද සපයා දෙනු ලබන බවත්, මිට අමතර ව පිළිකා රෝග නිර්ණය සඳහා අවශ්‍ය වන මැමෝග්‍රැෆි පරික්ෂාව සහ ව්‍යධිවේදී පරීක්ෂණය සඳහා අවශ්‍ය වන පහසුකම් රට පුරා පවතින බවත් ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා විසින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (04) පැවති පියයුරු පිළිකා තත්ත්වය පාලනය කිරීම පිලිබඳ මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.


    පියයුරු පිළිකා සඳහා කාන්තාවක් වීමත් එක් හේතුවක් වන බවත්, ස්ථුලතාවය, අධික පැණිරස සහ තෙල් භාවිතය, මධ්‍යසාර භාවිතය, කුඩා කාලයේ දී radiotherapy වලට බඳුන් වීම, උපත් පාලන භාවිතය, නාගරික ජීවිතයට හුරු වීම, පළමු දරු ප්‍රසුතිය පමා
    වීම මෙන්ම යම් යම් ජානමය හේතුන් මත ද පියයුරු පිළිකා ඇති වීමට හේතු වන බව මෙම විද්වත් සාකච්ඡාවේ දී සඳහන් කෙරිණි. එමෙන්ම, කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද පිළිකා ඇතිවිය හැකි බවත්, එය කාන්තාවට සාපේක්ෂව බලන කල් හි 1% ක් පමණ වන බව ත් මෙහි දී සඳහන් විය.


    මෙම මාධ්‍ය හමුව සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ රංජිත් බටුවන්තුඩාව, පිළිකා විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම, කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිලිබඳ ශල්‍ය වෛද්‍ය ඩී.මහලියන, ඉන්දිරා පිළිකා භාර අරමුදලේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය, ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය උපදේශක සුරාජ් පෙරේරා, ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ හෙද නිළධාරී සුනේත්‍රා කස්තුරි ආදී මහත්ම මහත්මීහූ සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya