මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් වී තිබෙනවා - මුදල් අමාත්‍ය

    ඔක්තෝබර් 04, 2019

    වර්තමාන ආණ්ඩුවේ විනයානුකුල හා විධිමත් ආර්ථික ප්‍රතිපත්තිය නිසා  රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත් වී ඇතැයි මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    මේ නිසා පසුගිය ආණ්ඩුව යටතේ 2015 දී දැඩි සත්කාර ඒකකයේ සිටි ආර්ථිකය දැන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කර සුව අතට පත් වී තිබෙන බවත් ඉදිරි පස් වසර තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවිය හැකි බවත් ඇමති වරයා පැවසුවේ මුදල් අමාත්‍යාශයේ ඊයේ (03) පවතී මාධ්‍ය හමුවේ දී ය.

     

    රටේ ආර්ථිකය කාබාසිනියා කළේ පසුගිය ආණ්ඩුවයි. එම ආණ්ඩුව ගිනි පොළියට ගත විදේශ ණය ගෙවීම සඳහා අපේ ආණ්ඩුවට ද ණය ගැනීමට සිදු වුණා. අපේ ආණ්ඩුව ගත් ණය වලින් වැඩිම කොටසකට වැය කළේ පසුගිය ආණ්ඩුව ගත් ණය ආපසු ගෙවීමටයි. 
    ශ්‍රී ලංකාව 2005 වසරට පෙරේ විදේශීය ණය ලබා ගත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව, ඔපෙක් අරමුදල වැනි ආයතන වලින් හා මිත්‍ර රටවලින් සහන පොළියකට බවත් එතෙක් මහින්ද රාජපක්‍ෂ රජය පළමු වතාවට 8.25% වැනි ඉහළ
    පොළියට, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගෙන ඇති බවත් ඇමතිවරයා පැවසිය.

     

    මේ අයුරින් පසුගිය රජය ලබාගෙන ඇති විශාල ණය මුදල් වල ණය වාරික ගෙවීමට සිදු වී ඇත්තේ වර්තමාන රජයටයි. මේ ණය 2025 දක්වා ගෙවීමට සිදු වි ඇති බව ද සංඛ්‍යා ලේඛන ගෙන හැර දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගංවතුර, නියගය, දේශපාලන කුමන්ත්‍රණ හා පාස්කු ඉරිදා ප්‍රහාරය මාධ්‍යයේත් රජයේ සේවක වැටුප් 107 % කින් ඉහළ දැමූ බවත්, ගෑස්, පෙට්‍රල්, ඩිසල්, භූමිතෙල්, පරිප්පු, බි ළූණු ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පසුගිය රජය කාලයේ තිබුණට වඩා අඩුවෙන් ලබා දීමට හැකි වී තිබෙන බවත් සමරවීර මහතා තවදුරටත් පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya