අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස් කලයේ දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

    ඔක්තෝබර් 03, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද (3) දිනයේදී ඉහල මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.


    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. එමෙන්ම මනන්රම සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සෙසු මුහුදු ප්‍රදේශ වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම වාර්තාවේ සඳහන් වේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිසහවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 10-30 ත් අටහ්ර විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී.70-80 ත් දක්වා තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලික ව ඉතා රළු විය හැකි බව ද මෙහි දී විශේෂයෙන් සඳහන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya