අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුච්චවේලි මුහුදේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් නාවික හමුදාව සොයා ගනියි

    ඔක්තෝබර් 03, 2019

    නාවික හමුදාව විසින් ඔක්තෝබර් 02 වන ඊයේ දින ත්‍රිකුණාමලය,කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

    ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, කුච්චවේලි වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදි වෙරළට ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු බෝයාවක් නිරික්ෂනය කොට එය පරික්ෂා කිරිමේදි එහි සුරක්ෂිතව අසුරා තිබු විදුලි නොවන ඩෙටනේටර් 04 ක්, ආරක‍්‍ෂිත වෙඩි නූල් 04 ක් සහ පුපුරණ ද්‍රව්‍ය යැයි සැකකරන ග්‍රෑම් 60 ක ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරික්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරණු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya