අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රජා සමිතිවල සාමාජිකයන්ව තොරතුරු පනත ගැන දැනුවත් කරයි

    ඔක්තෝබර් 03, 2019

    මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ග්‍රාමීය ප්‍රජා සමිතිවල සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.

    මෙම පුහුණූ වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් තෝරාගත් ග්‍රාමීය ප්‍රජා සමිති සාමාජිකයන් පනස් දෙනෙකුට නොඅඩු පිරිසක් සහ ප්‍රාදේශීය නිලධාරීන් පුහුණු කිරීමට කටයුතු යොදා තිබේ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ තවත් එක් වැඩමුළුවක් පසුගියදා මහනුවර ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලදී. මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජනක රණේපුර මහතා මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya