අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලුතර නව ඉදිකිරීම් සෞඛ්‍ය ඇමති අතින් විවෘත කෙරේ

    ඔක්තෝබර් 03, 2019

    කලුතර දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කිහිපයක් ජනතා අයිතියට පත්කිරීම ඊයේ (02) සිදුකෙරිණ.

    නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ දීප ව්‍යාප්තව ලබා දීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. පවතින පූර්ව ජනාධිපතිවරණ වාතාවරණය තුළ මැතිවරණ නීතිරීතිවලට අනුකූලව ඉතා චාම් අන්දමින් මෙම ජනගත කිරීමේ අවස්ථාවන් සංවිධාන කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබීම විශේෂත්වයක් විය.

    කලුතර නාගොඩ මහ රෝහලේ අලුතින් ඉදිකළ මහල් 5කින් සමන්විත පරිපාලන ගොඩනැගිල්ල සහ නව වාට්ටු සංකීර්ණයේ පළමු අදියර ඊයේ පෙරවරුවේ විවෘත කෙරිණ. අංගසම්පූර්ණ නව පරිපාලන ගොඩනැගිල්ල සදහා රජය විසින් ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 180කි. මහල් 8කින් සමන්විත ආකාරයෙන් සැළසුම් කළ නව වාට්ටු සංකීර්ණය සදහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 2817කි.

    එමෙන්ම මතුගම මද්දෙගෙදරවත්ත ඔසු උයනේ සමාරම්භක අවස්ථාවටද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ එක්විය. සංඛේතාත්මකව ඖෂධ පැලෑටි 50ක් රෝපණය කිරීමද සිදු කෙරිණ. අක්කර 100කින් සමන්විත අංගසම්පූර්ණ ඖෂධ උද්‍යානයක් මතුගම මද්දේගෙදරවත්ත ප්‍රදේශයේ ස්ථාපනය කෙරෙනු ඇත.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ක්‍රියාත්මක ඔසුසල් ජාලය පුළුල් කිරීමේ වැඩසටහන යටතේ එහි 45 වන ඒකකයද මතුගම නගරයේදී ඊයේ විවෘත කෙරිණ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා 2015 වසරේ එම ධුරය භාරගන්නා අවස්ථාව වන විට මෙරට පැවති ඔසුසල් සංඛ්‍යාව 22කි. අද වන විට සෑම දිස්ත්‍රික්කයකම ජනතාවට ඉතා අඩු මිලට, ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් ඉහළ ඖෂධ මිලදී ගැනීමට මෙම දීපව්‍යාප්ත ඔසුසල් ජාලය හරහා හැකියාව ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya