අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය ඔක්තෝම්බර් මස 04

    ඔක්තෝබර් 02, 2019

    ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය ඔක්තෝම්බර් මස 04 වැනි දින පෙ.ව 8.00ට බෙන්තොට ගාමිණි ජාතික පාසලේදි පැවැත්වීමට නියමිතය.

    මෙහි ප්‍රධාන දේශනය ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතා විසින් සිදු කිරිමට නියමිතය. මෙම සාහිත්‍ය උළෙලට සමගාමීව පාසල් පරිශ්‍රය තුළ ප්‍රදර්ශන අලෙවි සැල් රැසක්ද දැක බලා ගැනිමට අවස්ථාව සැලසේ. රූකඩ, වාද්‍ය භාණ්ඩ ප්‍රදර්ශනය, පන් නිර්මාණ, ඡායාරූප නිර්මාණ, පැරණි කාසි එකතුවක්, පොත් ප්‍රදර්ශනයක්, වෙස් මුහුණු හා ගැමි ගෙදරක අනුරුවක් පැමිණෙන සියලුදෙනාට නොමිලේ දැක බලා ගැනිමට ඉඩකඩ විවර වේ. පාසල් සිසුන් රැසක් මීට සහභාගිවීමට නියමිත අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසකගේ ප්‍රධානත්වයද ඊට හිමිවේ.

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික කටයුතු අංශය, බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය විසින් සාහිත්‍ය මහෝත්සවය සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya