අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 යල් අස්වනු පූජාව මහනුවර දී

    ඔක්තෝබර් 02, 2019

    2019 සිරි දළදා යල් අස්වනු පූජාව එළඹෙන ඔක්තෝබර් 03 වැනි දින පෙ.ව. 8.00 ට ද සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    යල කන්නයේ නෙලාගත් අස්වැන්න ශ්‍රී දළදා සමිදුන්ට පූජා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම අස්වනු පූජාව පැවැත්වෙන්නේ සිව්වැනි වරටයි.
    ඒ අනුව ඔක්තෝබර් 03 වැනි දින පෙ.ව. 4.30 ට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදු කෙරෙන කිරි ආහාර පූජාවෙන් සහ සිව් මහා දේවාල සදහා පැවැත්වෙන මුරුතැන් පූජාවත් සමග යල් අස්වනු පූජාවේ වැඩසටහන ආරම්භ කෙරෙනු ඇත. අනතුරුව පෙ.ව. 8.00 සහල් පිරවූ පාත්‍ර සහ අනෙකුත් ධාන්‍ය සහ අටපිරිකර රැගත් බැතිමතුන් පෙරහැරෙන් පැමිණ පෙ.ව. 10.00 ට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත බුද්ධ පූජාව පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

    මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාද මධ්‍යයේ සිදු කෙරෙන පූජාවෙන් අනතුරුව 60 නමක් ස්වාමීන් වහන්සේලා උදෙසා සංඝගත දක්ෂිණාවක් සහ අටපිරිකර පූජාවක් පැවැත්වීමටද නියමිතය.

    ශ්‍රී දළදා සමිදුන් උදෙසා සිදු කෙරෙන පූජෝපහාර වලින් අනතුරුව මහනුවර මීරා මක්කම් පල්ලිය, පුල්ලෙයාර් කෝවිල සහ ශාන්ත අන්තෝනි දෙව් මැදුර යන ආගමික මධ්‍යස්ථාන මුල් කරගෙනද අලුත් සහල් සහ ධාන්‍ය පූජා කිරීමේ වතාවත් සිදු කිරීමට සැලසුම් කොට තිබේ.
    කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථක කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් සංවිධානය කරන මෙම අවස්ථාව සදහා එම අමාත්‍යංශය භාර අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිතය.
    අලුත් සහල් මංගල්‍යය පවත්වන දිනට පෙර එනම් ඔක්තෝබර් 02 දින සවස 4.00 ට මහනුවර වැල් බෝධි පරිශ්‍රය කේන්ද්‍ර කරගෙන විශේෂ බෝධි පූජාවක් සහ ගිලන්පස පූජාවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya