මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමෙරිකාවට ගිය ඡායාරූපශිල්පීන් ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකාවේ කොන්සියුලර් ජනරාල් හමුවෙයි

    සැප්තැම්බර් 21, 2019

    කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට ගෙන යන The Beauty Of Sri Lanka -2019 -2019 ප්‍රදර්ශනය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික ඡායාරූපශිල්පීන් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් ස්වර්ණා ගුණරත්න මහත්මිය පසුගිය (20) දින ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලයේ දී හමුවිය.

     

    ඡායාරූපශිල්පීන් සමඟ සුහඳ කතාබහකට එක් වූ කොන්සියුලර් ජනරාල්වරිය, ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම පිළිබඳව ප්‍රසාදය පළ කර අතර ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ද සුබ පැතුම් එක් කළාය.

    මේ අවස්ථාවට ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සභාපති සූරිය පෙරේරා මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ සිට සහභාගී වූ ඡායාරූපවේදීන් වන කේ.ජී කීර්තිර්ත්න, යමුනී රශ්මිකා පෙරේරා,රංජනී පෙරේරා,රෝහිත ගුණවර්ධන යන යන මහත්ම මහත්මීන් එක්ව සිටියේ ය

    ලොස් ඇන්ජලීස් නුවර සිට- ප්‍රභාත් රත්නායක

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya