අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරියටත්- ගංගාවල ජලමට්ටම් ඉහළට-අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි

    සැප්තැම්බර් 16, 2019

    තද වැසි සහිත තත්ත්වයන් ඊයේ (15) රාත්‍රියේ සිට දිස්ත්‍රික්ක ගණනාවක වාර්තා වෙන බවත්, කාලගුණ වාර්තා වලට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත මිලි මීටර් 150 ඉක්ම වූ වැසි ඇතිවීමේ විභවයක් පවතින බවත්, සෙසු පළාත් වල සවස 2.00 පසු මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    විශේෂයෙන් මුහුදු ප්‍රදේශ පිලිබඳ සැළකිලිමත් වීම ඉතාමත් වැදගත් බවත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවලත්, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වූ මුහුදු ප්‍රදේශවලත් සුළගේ වේගය විටෙක පැයට කිලෝමීටර් 55 ක් දක්වා ඉහළ යා හැකි බවත්, එය වැසි සහිත අවස්ථාවන් හි දී පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර අගයක් වනු ඇති බවත් ධීවර සහ නාවික අංශයන් මේ පිළිබඳව සැළකිලිමත් විය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටි. බස්නාහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශ වල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත මුහුදු ප්‍රදේශ ක්ෂණික ව රළු වීමේ අවධානමක් පවතින බැවින් පුත්තලම සිට ගාල්ල මාතර හරහා මඩකලපුව දක්වා වූ මෙරටට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා අඛණ්ඩව අනතුරු නිවේදන නිකුත් කොට ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරයි.


    ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය මඟින් ලබා දී ඇති නිවේදනයන් පිළිබඳවද විශේෂයෙන් අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් මෙහි දී ඉල්ලා සිටී. ඒ අනුව, රත්නපුර දිස්ත්‍රිකක්යේ අදියර ඓ නිවේදනය යටතේ කිරිඇල්ල, කලවාන, රත්නපුර ප්‍රදේශවලටත්, අදියර ඓඓ නිවේදනය යට‍තේ ඇහැළියගොඩ ප්‍රදේශයටත්, නිවේදන නිකුත් කොට ඇති අතර, අදියර ඓඓ නිවේදනය ඔස්සේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ අවටත්, අදියර ඓ නිවේදන ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ දෙහිඕවිට ප්‍රදේශයන් ආවරණය වන පරිදි නායයෑම් නිවේදන නිකුත් කොට ඇති බවත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයය අදියර  ඒ යටතේ නිවේදන නිකුත් කොට ඇති අතර, අදියර ඓඓ යටතේ බුලත්සිංහල කොට්ඨාසයත් නම් කර ඇති අතර විශේෂයෙන් මෙම නිවේදනයන් කෙරහි ජනතාව සැළකිල්ලට ගන්නැයි අවධාරණයෙන් කියා සිටි.


    එමෙන්ම, නායයාම් ලක්ෂණ පිලිබඳව ඒ ඒ ප්‍රදේශ වල ජිවත් වන ජනතාව අවධානයෙන් අපසු වෙන්නයි ඉල්ලා සිටින අතර පොළවේ ඇති වන පැලීම්, බිත්ති මත සිදුවන ඉරිතැලීම්, ගල් පෙරලීම් මෙන්ම ඇතිවී නැති වී යන ජාල උල්පත් කෙරහි ද විශේෂ අවධානයක් යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අගවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, කැළණි ගඟේ ජල මට්ටමේ සුළු වැඩි වීමක් නෝවුඩ් ප්‍රදේශයෙන්ද, කළු ගඟේ ජල මට්ටමේ වැඩි වීමක් මිල්ල කන්ද ප්‍රදේශයෙන් ද, ගිං ගඟේ ජල මට්ටමේ වැඩි වීමක් තවලම ප්‍රදේශයෙන් ද අත්තනගලු ඔයේ වැඩි වීමක් දුනමලේ ප්‍රදේශයෙන් ද පෙන්නුම් කෙරෙන බවත් මහවැලි ගඟේ ජලමට්ටමේ යම් අඩු වීමක් පෙන්නුම් කෙරෙන බවත්, කෙසේ වුවත් ගංගා ආශ්‍රිත ව ජිවත් වන ජනතාව ගංගා ජලමට්ටම් පිලිබඳ නිරන්තර අවධානයෙන් පසුවෙන්නැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටි.


    අතුරු මාර්ග රැසක් මේ වනවිට ජලයෙන් යට වී ඇති අතර කළුතර, නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශත්, කෑගල්ල - රත්නපුර දිස්ත්‍රික්ක වල ස්ථාන කිහිපයකත් පහත බිම් ජලයෙන් යට වීම් වාර්තා වී ඇත. හම්බන්තොට ප්‍රදේශයේ ඇති වූ තද වැසි හේතුවෙන් මේ වන විට පවුල් 69 ක පුද්ගලයින් 288 ක් පිඩාවට පත්ව ඇති බවත්, බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පුද්ගලයින් 88 ක් නායයෑමේ අවදානම මත තාවකාලික ව අයින් කර ඇත.


    පවතින අහිතකර කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කරන අතර, වැසි හෝ ගිගුරුම් සහිත තත්ත්වය තවත් බලාපොරොත්තු වන බවත් ඇති විය හැකි අකුණු අනතුරු වළක්වා ගැනීමට ක්‍රියාකරන්නැයි ද ජනතවගෙන් ඉල්ලා සිටි. එළිමහනේ පිට්ටනි වල සහ විවෘත වාහන භාවිතය අනතුරු සහිත බව ද, ජලාශ වල දිය නෑමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබේ.


    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය මඟින් සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ආපදා කළමනාකරණ ඒකක සහ අවශ්‍ය පරිදි ඉදිරි හදිසි කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම හදිසි මෙහෙයුම් තාක්ෂණ සේවාවන් ආපදා කළමනාකරණ කටයුතු සඳහා ස්ථානගත කර ඇත.
    යම් ගැටළුකාරී ඕනෑම ආපදා තත්ත්වයක් දැනුම් දීමට 117 අමතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථනයේ හදිසි මෙහෙයුම් අංශය වෙත දැනුම් දෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya