මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000කට ස්ථීර පත්වීම් ප්‍රදානය කෙරේ

    සැප්තැම්බර් 16, 2019

    සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000 ක් සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (15) දින කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලි සාහිර් මවුලානා සෙයිඩ්, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya