මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේත් ආර්ථිකයේත් එන්ජින්ම බවට සමෘද්ධි බැංකුව පත් කරනවා-අමාත්‍ය දයා ගමගේ

    සැප්තැම්බර් 14, 2019

    රටේත් ආර්ථිකයේත් එන්ජින්ම බවට සමෘද්ධි බැංකුව පත් කරන බව ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේය.

    අමාත්‍යාංශයේදී පසුගිය දින පැවැති උත්සවයකදී ඇමැතිවරයා එසේ කීය.

     එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

    රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා එදා ජනසවිය ආරම්භ කළා. එය අද සමෘද්ධිය ලෙස ක‍්‍රියාත්මක වෙනවා. රණසිංහ පේ‍්‍රමදාස මහතා ජනසවිය වැඩසටහන ක‍්‍රියාවට නංවද්දී ව්‍යාපාරිකයන් හමුවේ ප‍්‍රකාශ කළා රුපියල් දෙදහසක් බැගින් දුප්පත් ජනතාවට ජනසවිය ලබා දෙන බවට. එසේ ලබා දී වසර දෙකක් තුළ ඔවුන් සවිබල ගන්වන බවත් ප‍්‍රකාශ කළා. එසේම එහිදී පේ‍්‍රමදාස මහතා සඳහන් කර සිටියා එය ඔහුට පමණක් හෝ රජයට පමණක් හෝ තනිව කළ නොහැකි බවට. එතුමාගේ ජනසවිය වැඩසටහන සඳහා අපගේ සහාය ලබා දෙන ලෙස පේ‍්‍රමදාස මහතා එදා අපෙන් ආයාචනයක් කළා.


    රටේ ඇඟළුම් කම්හල් ව්‍යාපෘතිය ආරම්භ වුණේ එලෙසින්. දවස් 3 කදී ළමයින් 6000 ක් සම්මුඛ පරීක්‍ෂණයට කැඳවා 500 ක් ඉන් තෝරාගෙන මමත් ඇඟලූම් කර්මාන්තයක් ආරම්භ කළා. සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවූ ළමයි සියලූ දෙනාව උදේ 7.00 සිට රාත‍්‍රි 2.00 වන තුරුත් තෝරා ගැනීම මම සිදුකළා. ඔවුන්ගෙන් බැලූවේ දුප්පත්කම විතරයි. දවස් 37 න් ගොඩනැඟිල්ල හැදුවා. ඇඟලූම් කම්හල විවෘත කිරීම සඳහා පැමිණි රණසිංහ පේ‍්‍රමදාස මහතා මගෙන් විමසා සිටියා ඇයි මෙතරම් ලොකුවට ගොඩනැඟිල්ල හැදුවේ කියලා. මම එහිදී ප‍්‍රකාශ කළා ළමයි 500 කට නොවේ 1000 කට රැුකියා ලබා දෙන්න බලාපොරොත්තුවෙන් කම්හල එසේ ඉදිකළ බවට. අනතුරුව තවත් කර්මාන්තශාලා 4 ක් 5 ක් ආරම්භ කිරීමට හැකි දැයි ඔහු මගෙන් විමසා සිටියා.
    එදා ඇඟලූම් කම්හල් ආරම්භ කිරීමේදී විපක්‍ෂයේ සිටි මහින්ද රාජපක්‍ෂ මහත්තයා ප‍්‍රමුඛ කණ්ඩායමක් එම ඇඟලූම් සේවක සේවිකාවන්ගේ අභිමානය නැති කළා. සුද්දියන්ට යට ඇඳුම් මහනවා කිව්වා. එදා ඔවුන් එසේ කීවත් අපේ රටේ අපනයන ආදායමෙන් සියයට 43 ක් ලබාදෙන්නේ ඇඟලූම් කර්මාන්තය බව මතක් කර දිය යුතුයි.


    එලෙස පටන් ගත් ජනසවිය අද සමෘද්ධිය වෙලා. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රාථමික කර්මාන්ත ඇමැති ධුරය මට ලැබුණා. හැබැයි බෝඞ් ලෑල්ලක් විතරයි එදා තිබුණේ. 84 ක සේවක මණ්ඩලයෙන් 54 ක් මං තියාා ගත්තා. 36000 ක් සේවකයෝ සිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පිරිසට කළ නොහැකි වූ සේවයක් කෘෂි ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් මම ඒ 54 දෙනාගෙන් සිදු කලා. කෘෂි පැළ දස කෝටියක් පසුගිය මැයි මාසය වන විට අපි ජනතාව අතරේ බෙදා හැර තිබෙනවා.
    හලාවත ඉස්සො කර්මාන්තය අවුරුද්දකින් දෙගුණයක් දක්වා දියුණු කළා. එය දස ගුණයකින් ඉහළ නංවන්න බලාපොරොත්තු වෙනවා. කාලගුණය සහ දේශගුණය වෙනස් කිරීමට රටවල් 50 ක් දැනට ක‍්‍රියා කරමින් ඉන්නවා. ඒ අතරින් හොඳම රටවල් 3 වන්නේ චීනය, ඊශ‍්‍රායලය සහ ඇමෙරිකාවයි. අපේ අමාත්‍යාංශය චීනය සමග ගිවිසුමක් අත්සන් කළා. ඔවුන්ගේ රටේ විඉාඥයන් ලංකාවට ගෙන්වා වහින වැස්ස වැඩිකර ගැනීමට මං කටයුතු කරනවා. අම්පාරේ ඞී. එස්. සේනානායක සමුද්‍රය ජලයෙන් පිරුණොත් වසර 4 ක් වගා කිරීමට පුළුවන්. ඒත් මේ වන විට සමුද්‍රය හිඳිලා. මේ පාර වැස්සෙ නැති වුණොත් වගා කිරීමට නොහැකියි. මහවැලි ගඟට වැස්ස නැති වුණොත් දෙහිඅත්තකණ්ඩියේ වගා කරන්න වෙන්නේ නැහැ. වැස්ස නැතිනම් රටටම බඩගින්නේ ඉන්න වෙනවා.


    වළාකුළුවලින් වැස්ස වැඩිපුර ලබා ගැනීමේ තාක්‍ෂණය අපි රටට ගේනවා. චීනයේ හොඳම විශ්වවිද්‍යාලයේ අපේ ළමයි 30 ක් ඉගෙන ගන්නවා. ඒ ළමයින්ට එකී අවස්ථාව හිමිකර දීමට මා කටයුතු කළා. කාලගුණ වෙනස්කම් සිදුකර වැසි ලබා ගැනීමට රට තුළ කටයුතු කරද්දී කාලගුණ විඉාවෙන් චීනයේ උපාධි ලබා ගත් ළමයි 30 ක් ඉදිරි කාලයේදී රටට පැමිණෙනවා. මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යෑම ඔවුන් සිදුකරයි.


    සමාජ සුබසාධනය පැත්තෙන් මට විශාල වගකීමක් පැවරෙනවා. වැඩිහිටියන්, ආබාධිතයන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ විවිධ රෝගාබාධවලට ලක් වූ අය සඳහා සහන සැලසීම ඉන් ප‍්‍රමුඛ කාර්යයක්. ඊට අමතරව සමාජ සවිබල ගැන්වීමේ වගකීමත් මට පැවරුණා. වසර දෙකක් තුළ ජනතාව සවිබල ගැන්වීම් සඳහා ආරම්භ කළ ජනසවිය පසුව සමෘද්ධිය ලෙස දේශපාලනීකරණයට ලක් වී වසර පහළොවකටත් වඩා එකම පිරිසක් සමෘද්ධියට හිමිකම් කිවූ යුගයක් තිබුණා.


    නිකම්ම සමෘද්ධිය දුන්නා කියලා මිනිසුන් පෝසත් කරන්න බැහැ. දේශපාලනීකරණය වී තිබූ සමෘද්ධිය සඳහා සැබෑ ප‍්‍රතිලාභීන් අපි සොයා ගත්තා. ඒ අතරින් ලක්‍ෂ හයකට සමෘද්ධිය ලබා දුනනා. තවත් ලක්‍ෂ තුනහමාරකට ඉදිරියේදී සමෘද්ධිය ලබා දෙනවා. සමෘද්ධි බැංකු පරිගණක ගත කරනවා. ඒටීඑම්. යන්ත‍්‍රයකින් මුදල් ලබා ගැනීමේ අවස්ථාව සමෘද්ධිලාභියාට උදා කර දෙනවා. සමෘද්ධි බැංකුවල පරිගණක නිලධාරි තනතුරට මුළු රටෙන්ම හොඳ දක්‍ෂ තරුණ කණ්ඩායමක් තෝරා ගැනීමට අපට හැකි වුණා. හැබැයි එතනත් වැඩ නොකරන පිරිස් ඉන්නවා නම් මාස තුනකින් ඔවුන් ඉවත් කරනවා. මා බලාපොරොත්තු වන ආකාරයට මේ පිරිස කටයුතු කළහොත් තව වසර 10 කින් ලංකා බැංකුව, මහජන බැංකුව සමග තරග කරන මට්ටමට සමෘද්ධි බැංකුව පත් කිරීමට හැකි වෙනවා.


    2025 අපේ ව්‍යාපෘති 50000 ක‍්‍රියාත්මක වන විට අපනයන ආදායම දෙගුණයක් වෙනවා. ශ‍්‍රී ලංකාව පෝසත් රටක් වන එක කාටවත් නතර කරන්න බැහැ. ඉන් ඉහළින්ම සිටින පිරිස තමයි අපේ සමෘද්ධිලාභීන්. ණය නැති රටක් හැදීමට සමෘද්ධි බැංකු ජාලය ඉතා වැදගත් වෙනවා. රටේ. ආර්ථිකයේ එන්ජින් එක සමෘද්ධි බැංකුව බවට පරිවර්තනය කරනවා යැයි කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya