අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ‘ගම රැකුම’ සංවිධාන 650 ක් පිහිටුවයි

    සැප්තැම්බර් 13, 2019

    මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 650 කේන්ද්‍රකර ගනිමින් ‘ගම රැකුම’ සංවිධාන සිහිටු වීමට පියවර ගැනේ.

    මේ පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් දැනුවත්කිරීමේ වැඩසටහනක් ‘ගම’රැකුම’ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වායන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එදින ම මීට සමගාමීව කඹුරුපිටියේ දී හා නිල්වලා විද්‍යා පීඨයේ දී ද වැඩසටහන් දෙකක් පවත්වන ලදි.

    පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකේය ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය හා ආර්ථික තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කර ඔවුන්ගේ සිත් තුළ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශවල මෙන්ම සෑම පුරවැසියෙකුගේම දායකත්වය අවශ්‍ය බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ.


    ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සහාය වීම හා ග්‍රාමීය ප්‍රජාවගේ ආරක්ෂාව මෙන්ම සමාජ, ආර්ථික හා සංස්කෘතික උන්නතිය උදෙසා කටයුතු කිරීම ආදී අරමුණුවලින් යුක්තව ජනතාවගේ බහුවිධ ආරක්ෂක අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා බලධාරීන්ට සහය විය හැකි ‘ගම රැකුම’ නමින් ස්වෙච්ඡා ජනතා සංවිධානයක් දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි පිහිටුවීම සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කෙරේ.


    ගමේ ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි , පවුල් සෞඛ්‍ය සේවිකාවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින්, මරණාධාර සමිති, ග්‍රාම සංවර්ධන සමිති, ගොවි සංවිධාන, ඇතුළු ගමේ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන්, පොලිස් නිලධාරින්, විදුහල්පතිවරුන් ඇතුළු ආගමික නායකත්වයෙන් සමන්විත සාමාජිකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත පිරිසක් ග්‍රාමීය කමිටුවට ඇතුළත් වේ.


    ග්‍රාමීය කමිටුවට අමතරව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රාදේශිය කමිටු ද දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් කම්ටු ද පිහිටුවයි. කමිටුව මගින් ගමේ ප්‍රජාව සම්බන්ධයෙන් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යෑම, ගමේ ප්‍රජාව හා ආරක්ෂක අංශ අතර සම්බන්ධීකරණ සංවිධානයක් වශයෙන් කටයුතු කිරීම, ගමට පැමිණෙන ආගන්තුකයන් සම්බන්ධයෙන් අවදානයෙන් සීටීම, ගමේ සමගිය සහජීවනය හා සහෝදරත්වය ඇතිවන පරිදි කටයුතු කිරීම, ගමේ ආර්ථික සමාජික හා සංස්කෘතික ප්‍රගමනය උදෙසා කටයුතු කිරීම ඇතුළු අරමුණු රැසක් ගම රැකුම සංවිධනය වෙත පැවරේ.


    මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් අනුර මුතුකුමාරණ මහතා හා ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya