අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්ගිරි මහ විහාරයයේ බටහිර වාහල්කඩ සඟසතු කෙරෙති

    සැප්තැම්බර් 13, 2019

    අස්ගිරි මහ විහාරයට බටහිර දෙසින් ප්‍රවිශ්ට වීමට ඇති මාර්ගයේ ඉදි කළ වාහල්කඩ සඝ සතු කිරීම නිවාස ඉදි කිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලදී.

    සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් මෙම වාහල්කඩ ඉදි කිරීම් කටයුතු සිදු කර ඇති අතර, අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු සෙත් පිරිත් සජ්ජායන කරමින් මෙහිදී ආශිර්වාද සිදු කළහ.


    මෙම අවස්ථාව සිහි ගන්වමින් අස්ගිරි පාර්ශවය මගින් සජිත් ප්‍රේමදාස මහතා වෙත සිහිවටන තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.


    මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මහ සංඝරත්නය සමග ඉතා සුහදව කටයුතු කරන බවත්, අද වන විට සංස්කෘතික අමාත්‍යංශය ශාසනික සම්ප්‍රදායන්ට හා සංස්කෘතියට හිතකර ලෙස ක්‍රියාත්මක කරවීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාව ලැබී තිබෙන බවත් පෙන්වා දෙන ලදී. අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් අනුශාසනාවක් කරමින් සදහම් සෙවණ වැඩසටහන යටතේ එතුමන් දහම් පාසැල් ගොඩනැගිලි 3000 ක් ගොඩ නගා ඇති බවත් එය අගය කළ යුතු කටයුත්තක් බවත් පෙන්වා දුන් සේක.


    මෙහිදී අදසක් දැක්වූ නිවාස ඉදි කිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සසුනට අරුණ වැඩසටහන තමන් ආරම්භ කළේ සංස්කෘතික අමාත්‍යධූරය තමන් වෙත හිමි වීමටත් පෙර බව පෙන්වා දුන් අතර, අමාත්‍යංශය බාර ගැනීමෙන් පසු වසර හත අටක් තිස්සේ සිදු නොවී තිබූ වැඩ ආරම්භ කර මාස අටකදී ඒවා අවසන් කළ බවද පැවසීය. සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ 2025 වන විට පූර්ණ රාජ්‍ය මැදිහත්වීම මත මේ රටේ සෑම විහාරස්ථානයකම දහම් පාසල් ශාලා ලබා දෙන බවත්, චෛත්‍ය රාජයාණන් වහන්සේ 1125 ක් ඉදි කිරීමටත් කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යවරයා තව දුරටත් පෙන්වා දෙන ලදී.

    මෙම මෙම අවස්ථාව සදහා රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ, රෝහිණි කවිරත්න සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya