අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සැප්තැම්බර් 14 වනදා..

    සැප්තැම්බර් 11, 2019

    මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සැප්තැම්බර් මස 14 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය දන්වා සිටියි.

    මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු විධායක ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගී වීමට නියමිතය. සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය නමින් හැදින්වෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සංවිධානය කරන්නේද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසිනි.

    මේ වසරේ ස්වර්ණ පුස්තක සම්මානය සදහා සලකා බැලීම පිණිස 2018 වසරේ ප්‍රකාශයට පත්කල නවකතා 117 ක් පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වෙත ලැබී තිබුණු අතර 10 දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මගින් මෙම නවකතා 117ම කියවා ඉන් නවකතා 12ක් 2019 ජුනි 14 වන දින කෙටි ලයිස්තුගත කරන ලදී.


    මෙලෙස කෙටි ලයිස්තුගත කරන ලද නවකතා 12 අතර වූ සුනෙත්‍රා රාජකරුණානායක විසින් රචිත මියුරු හඩ නවකතාව 2018 වසරේ සැබෑ පුවත්පතේ මිහිරා නමින් කොටස් වශයෙන් පළවූ නවකතාවක් වීම හේතුවෙන් එය ලයිස්තුවෙන් ඉවත් කිරීමට සිදුවී ඇත. එයට හේතුව වූයේ ස්වර්ණ පුස්තක නිර්ණායකයන්ට අනූව පුවත්පත් වල කොටස් වශයෙන් පළවූ නවකතා මේ සදහා ඉදිරිපත් කළ නොහැකි වීමයි. ඒ අනූව 2019 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නවකතා 11ක් කෙටි ලයිස්තුගත කෙරුණි. ඒවා අතරින් මේ වන විට ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නවකතා 05ක් තෝරා
    පත්කරගෙන ඇති අතර එම නවකතා පහ මෙසේය.


     ෆාස්ට් පබ්ලිෂින් ආයතනය ප්‍රකාශයට පත්කරන ලද කපිල කුමාර කාලිංග විසින් රචිත අදිසි නදිය නවකතාව.
     සදීපා ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කල පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි විසින් රචිත භූමි නවකතාව.
     සරසවි ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කල ශමෙල් ජයකොඩි විසින් රචිත වීනස්ගේ උපත නවකතාව.
     සූරිය ප්‍රකාශකයෝ විසින් ප්‍රකාහයට පත් කල කත්‍යානා අමරසිංහ විසින් රචිත ධරණී නවකතාව.
     ගොඩගේ ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කල දීප්ති මංගලා රාජපක්ෂ විසින් රචිත අව පෑළවිය නවකතාව.

    ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට යමින් පොත පතෙහි සුවද හා එහි සුමිතුරු බව සාහිත්‍යකාමී ජනතාව වෙත සමීප කරලීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ආරම්භ කළ ස්වර්ණ පුස්තක සම්මානය නිර්මාණාත්මක හොද නවකතා පළකිරීම පිණිස හදුන්වා දුන් අර්ථාන්විත ව්‍යාපෘතියක් බව සැමදෙනාගේම පිළිගැනීමය. මෙම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ආරම්භ කිරීමෙන් පසුව හොද නවකතා බිහිවීමේ ප්‍රවනතාවයක් ඇතිවී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya