අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා විහාරස්ථාන 75ක් වෙත පූජා ඔප්පු පිළිගැන්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 11, 2019

    ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහතික කිරීමේ උදාර අරමුණ පෙරදැරිව දිවයින පුරා විහාරස්ථාන 75ක් සඳහා පූජා ඔප්පු පිළිගැන්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

    ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් වෙත භූමියේ හිමිකම තහවුරු කරමින් ඉඩම් දීමනාපත්‍ර හා බලපත්‍ර දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ශිෂ්‍ය අනු ශිෂ්‍ය පරම්පරාවන් වෙත දායාද කරනු වස් දිවයිනේ සියලු විහාරස්ථාන සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කෙරේ.

    දිවයින පුරා රජයේ ඉඩම්වල පිහිටි විහාරස්ථානවලට අදාළ පූජා ඔප්පු 355ක් 2015 වසරේ සිට මේ දක්වා සඟසතු කොට පූජාකර ඇති අතර තවත් විහාරස්ථාන 700ක් වෙනුවෙන් පූජා ඔප්පු සකස් කර අවසන්ව තිබේ.

    මල්වතු පර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya