අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලියනයක් වටිනා තහනම් පොලිතීන් නිෂ්පාදන තොගයක්, බොරලැස්ගමුවෙන් වටලයි

    සැප්තැම්බර් 10, 2019

    මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන ඒකකයට ලැබුණු හදිසි තොරතුරකට අනුව, විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව, දිවුලපිටිය, විහාර මාවතේ පවත්වාගෙන ගිය තහනම් පොලිතින් නිෂ්පාදන කම්හලක් වටලා රුපියල් මිලියනයක් වටිනා ටොන් 03ක තහනම් පොලිතීන් නිෂ්පාදන තොගයක් ඉකුත් දා අත්අඩංගුවට ගන්නා ලදී.


    තහනම් කරන ලද LDPE පොලිතීන් ද්‍රව්‍ය හා කැල්සියම් යොදාගෙන, මහජන සෞඛයට අහිතකර ලෙස නිෂ්පාදනය කෙරුණු ඇසුරුම් මලු (ෂොපින් බෑග්) හා ආහාර ඇසුරුම් මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද අතර, අලෙවිය සඳහා සුදානම් කර තිබූ ආහාර ඇසුරුම් කට්ටලයන්හි පාරිභෝගික ආරක්ෂණ උපදෙස් ඇතුළත් ලේබල් ද අලවා නැත. ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හා වෙළෙඳ බලපත්‍රය පමණක් ලබාගෙන කූට ලෙස මෙම ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බව විමර්ශන වලදී හෙලිවිය.


    අනතුරුව ඉන් අත්අඩංගුවට පත් තහනම් පොලිතීන් නිෂ්පාදන තොගය මහෙස්ත්‍රාත් නියෝගයට අනුව සෞඛ්‍යාරක්ෂිත බැහැර කිරීම සඳහා දොම්පේ කසළ රඳවනයට ප්‍රවාහනය කරන ලදී. ජාතික පාරිසරික පනතට අනුව පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනම් කරමින් පනවන ලද 2017/09/01 අංක 2034/34 රෙගුලාසිය කඩකර ඇති බැවින්, මෙම කර්මාන්තකරුට එරෙහිව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ඇත.

    තහනම් පොලිතීන් නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කරමින්, නීතී විරෝධිව කටයුතු කරන කූට ව්‍යාපාරික කණ්ඩායම් නීතීයේ රැහැනට ගන්නට විශේෂ විමර්ශන කණ්ඩායම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, පොදු ජනතාවගේ පාරිසරික සුරක්ෂිතතාවය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය කැපවන බවත්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya