අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 20 සිට 29 දක්වා

    සැප්තැම්බර් 10, 2019

    2019 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 20 වැනි දින සිට 29 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.

    මෙවර පැවැත්වෙන්නේ 21 වැනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. පොත් කියවන නැණ ගුණ පිරි සමාජයක් බිහිකිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 1999 වසරේ අරඹන ලද පොත් ප්‍රදර්ශනය මේ වන විට දකුණු ආසියාවේ පැවැත්වෙන විශාලතම හා සාර්ථක පොත් ප්‍රදර්ශනවලින් එකක් බවට පත්ව තිබේ.

    මීට වසර 20කට පෙර අලෙවි කුටි 34කින් ජාතික කලා භවනේදී ඇරඹුණු ජාතික පොත් ප්‍රදර්ශනය වර්තමානයේ වාර්ෂික සංස්කෘතික මංගල්‍යයක් බවට පත්ව තිබීම පොත පටත ආදරය කරන සියලුම දෙනාගේ සතුටට හේතුවක් වනු නිසැකය. මෙවර පොත් ප්‍රදර්ශනය දේශීය සහ විදේශීය වෙළද කුටි 417කින් සමන්විතය. ඉන්දියාව, චීනය, මැලේසියාව, මහා බ්‍රිතාන්‍යය, සිංගප්පූරුව, ජපානය, ඉරානය ඇතුළු විදේශීය රටවල් රාශියක් මෙවර පොත් ප්‍රදර්ශනයට සහභාගී වන බැවින් දේශීය පාඨකයන්ට විදේශීය පොත් ප්‍රකාශන ආයතන වලින් අවශ්‍ය පත පොත තෝරාගැනීමට මෙමගින් අවස්ථාව හිමිවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya