මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුවත් කෙරේ

    සැප්තැම්බර් 10, 2019

    ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය වෙතින් ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරිම සඳහා වන වැඩසටහන් මාලාවේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන එළඹෙන 12 වැනි දින ගාල්ල නගරය කේනද්‍රකරගනිමින් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

    මෙහිදි සිංහල,දෙමළ,මුස්ලිම් සියලුම ජාතින් නියෝජනය වන පරිදි සිසු සිසුවියන් 500කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගිත්වය අපේක්ෂිතය. ගාල්ල බස් නැවතුම්පල,දුම්රිය ස්ථානය,ගාල්ල ක්‍රිඩා මණ්ඩපය සහ අධිවේගී පිවිසුම යන ස්ථානයන්හි ප්‍රජාව දැනුවත් කරමින් පාසල් සිසු සිසුවියන්ගේ ක්‍රියාකාරකම් රැසක් එදිනට පැවැත්වේ.බිත්ති චිත්‍රණය කිරිම,ශ්‍රමදාන,චිත්‍ර ප්‍රදර්ශනය,විථි නාට්‍ය,කැලිප්සෝ ගීත,වේදිකා ප්‍රසාංග සහ සවස් කාලයේ ආලෝක පහන් ගුවනට මුදා හැරිම යනාදි වශයෙන් වැඩසටහන් රැසක් පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.එදින පෙ.ව 10.00 සිට මෙම සියලු ක්‍රියාකාරකම් මහජනතාවට දැකබලා ගත හැකි අතර උදෑසන 10.00ට ගාලු බස්නැවතුමේ චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ වන අතර ප.ව 1.00ට අධීවේගි පිවිසුම අසල ශ්‍රමදානය සහ ප.ව 2.00ට ගාලු බස්නැවතුමේ විථි නාට්‍ය ප්‍රදර්ශනය වේ.


    දවස පුරාවටම දුම්රිය ස්ථාන බිත්ති සිතුවම් කිරිම පාසල් සිසු සිසුවියන් අතින් සිදුවන අතර සවස 4.00ට ගාලු ක්‍රිඩා මණ්ඩපයේදි විවෘත වේදිකා ප්‍රසංගය සහ ප.ව6.00 ට ගාලු ක්‍රිඩා අන්තයේ ආලෝක පහන් දල්වාලිම සිදුවේ.ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපති හිටපු ගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වෙන අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය,දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, ඇතුළු ආයතන රැසක් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය දක්වයි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya