අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 12 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 09, 2019

    2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 12 වැනිදා ප.ව. 3.00 ට ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


    මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී 2018 වර්ෂය තුළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ම ප්‍රකාශිත විශිෂ්ටතම නිර්මාණාත්මක ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කළ ලේඛක ලේඛිකාවෝ රාජ්‍ය සම්මානයෙන් බුහුමන් ලබති. නවකතා, කෙටිකතා, කාව්‍ය, ගීත, නාට්‍ය, යොවුන් සාහිත්‍යය, ළමා සාහිත්‍යය, විද්‍යා සාහිත්‍යය, සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍යය යන සාහිත්‍ය ක්‍සේත්‍රවල ස්වතන්ත්‍ර හා පරිවර්තිත සාහිත්‍ය කෘති ද ශාස්ත්‍රීය හා පර්යේෂණ ස්වත්‍රන්ත හා පරිවර්තිත කෘති ද විවිධ විෂයක ග්‍රන්ථ යටතේ මානව ශාස්ත්‍ර, සමාජ ශාස්ත්‍ර හා පරිවර්තිත කෘති ද සදහා මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය කරනු ලැබේ.


    එමෙන්ම, සාහිත්‍ය ක්‍ෂේත්‍ර වෙනුවෙන් කළ දීර්ඝකාලීන සේවා දායකත්වය උදෙසා පිදෙන උසස්තම රාජ්‍ය සම්මානය වන සාහිත්‍යරත්න අභිධානය ද සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ක්‍ෂේත්‍ර සදහා ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් තිදෙනෙකුට ප්‍රදානය කෙරේ. සාහිත්‍ය
    ක්‍ෂේත්‍රයට අදාළ ව විවිධ පර්යාලෝක ඔස්සේ රචිත ශාස්ත්‍රීය ලේඛන පනහකින් සමන්විත සාහිත්‍යය විශේෂ කලාපයද මෙදින එළිදැක්වීමට නියමිතය. 

     

     
     සාහිත්‍ය ක්‍ෂේත්‍ර වෙනුවෙන් කළ දීර්ඝකාලීන සේවා දායකත්වය උදෙසා පිදෙන උසස්තම රාජ්‍ය සම්මානය වන සාහිත්‍යරත්න අභිධානය ද සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ක්‍ෂේත්‍ර සදහා ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් තිදෙනෙකුට ප්‍රදානය කෙරේ. සාහිත්‍ය ක්‍ෂේත්‍රයට අදාළ ව විවිධ පර්යාලෝක ඔස්සේ රචිත ශාස්ත්‍රීය ලේඛන පනහකින් සමන්විත සාහිත්‍යය විශේෂ කලාපයද මෙදින එළිදැක්වීමට නියමිතය. චන්න විජේවර්ධන, රවිබන්ධු විද්‍යාපති ඇතුළු ප්‍රවීණ නර්තන ශිල්පීන්ගේ නර්තනාංගවලින් ශෝභාවත් වන මෙම රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වෙන්නේ හැටදෙවැනි වරට ය. රජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, හ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක් ව මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි. ය. රජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, හ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා නිවාස, ඉදිකිරීම් හා

    සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක් ව මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya