අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශන මාලාවේ දෙවන දිනයේ දී විශාල ජන සහභාගීතවයක්

    සැප්තැම්බර් 09, 2019

    නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ තෙවැන්න යාපනය කොටුව අසල මුට්රවේලි ප්‍රදේශයේදී අතිසාර්ථක අන්දමින් මේ වනවිට ක්‍රියාත්මක වේ.

    එම ප්‍රදර්ශනයේ දෙවන දිනය වන   (08) විශාල ජනතාවක් ඉමහත් උනන්දුවෙන් ප්‍රදර්ශනය නැරඹීමට එක් වී සිටින අයුරු දක්නට ලැබිණි. මෙම ප්‍රදර්ශනය ව්‍යවසායකත්ව, රාජ්‍ය හා පෞද්ගලික , අධ්‍යාපන, හරිත, නව නිපැයුම්, වාණිජ හා මාධ්‍ය ලෙස කලාප 11කින් සමන්විත වේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජංගම සේවාවන් මෙන්ම බැංකු හා උපදේශන සේවාවන් සපයනු ලබන විශේෂ කවුළුවලින් සමන්විත මෙම ප්‍රදර්ශනය තුළින් ස්වයං රැකියා ආරම්භ කිරීමේ සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම හා ව්‍යාපාර වැඩිදියුණු කරගැනීම දක්වා ණය හා මූල්‍ය සහාය ලබාගැනීම පිළිබඳ අවශ්‍ය තොරතුරු, උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමට කටයුතු යොදා ඇත. මෙම ව්‍යවසායකත්ව ණය යෝජනා ක්‍රම යටතේ රුපියල් ලක්ෂයක අවමයක සිට රුපියල් මිලියන 750 දක්වා ණය ලබාගත හැකිය.

    යාපනයේ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකත්ව අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් හට මෙමගින් පහසුවෙන් සහන ණය ලබාගැනීමට හැකිවනු ඇත. කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය උපෙදස් හා පහසුකම් සැලසීමද මෙහිදී සිදු කෙර පාසල් අධ්‍යාපනය අවසන් කර සිටින තරැණ තරැණියන්ගේ නායකත්වය සහ පෞරුෂය හැඩ ගස්වා ඔවුන් විධිමත් රැකියා සඳහා යොමු කිරීමට මඟපෙන්වන ජාතික යොවුන් සේවා අධිකාරිය මෙහෙයවන විශේෂ කුටියට තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ උපදෙස් ලබා ගන්නා බව එහි උතුරු පළාත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සමරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පැවසිය.

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රදර්ශන කුටියට එක් වු උතුරේ ජනතාව තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කරමින් පවසා සිටියේ කොළඹ යාපනය පෞද්ගලික බස්රථ එක් ගමන් වාරයක් සඳහා රුපියල් 1500 – 1700ත් අතර මුදලක් අය කරන බවත් ඒ වෙනුවට හැකි පමණ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදවා දෙන ලෙසත්ය.
    මෙම ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන අයට පහසු මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව ද හිමිව ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදිත නිමි ඇඳුම් හා ඇඟලුම් තීරු බදු රහිත මිල ගණන් යටතේ මෙහිදී මිලදී ගත හැකිය.
    ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත මාධ්‍ය කලාපය තුළින් ජනතාවට නව අත්දැකීම් රැසක් ලබාගත හැකි අතර, මාධ්‍ය විකාශන කටයුතු සිදු කෙරෙන ආකාරය, වැඩසටහන් රූගත කිරීම ඇතුළු නිෂ්පාදන කාර්යයන් මෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වැනි මාධ්‍ය ආයතනයන්ගෙන් සිදුකෙරන සමස්ත කාර්යාවලිය දැකබලා ගැනීමේ අවස්ථාව හිමිව ඇත. එමෙන්ම මෙම ප්‍රදර්ශන භූමිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන වැඩසටහන් තුළින් සියළුම සායන සේවා සහ රසායනාගාර සේවාවන් ජනතාවට නොමිලේ ලබාගත හැකිය.
    විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාවක් ද ප්‍රදර්ශන කලාපය තුළ ක්‍රියාත්මක කෙරේ. එමගින් අධ්‍යාපනය කටයුතු සහ රැකියා සඳහා විදේශ ගතවීමට අපේක්ෂා කරන්නන්ට සිය අධ්‍යාපන ප්‍රතිඵල ඇතුළු අනෙකුත් අවශ්‍ය ලේඛන සහතික කරගැනීමේ කටයුතු ද මෙහිදී සිදුකරගත හැකිය. යාපනය දිස්ත්‍රික්කයට ආවේනික කර්මාන්ත නංවාලීමේ අරමුණින් කාර්මික, කෘෂිකාර්මික, ධීවර හා සංචාරක යන ක්ෂේත්‍රයන්ට මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛතාවයක් ලබාදී ඇත. මෙම ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපාර
    ප්‍රවර්ධනයට සහන ණය ලබාදීම ප්‍රායෝගික තලයට ගෙනඒම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණුකි. උතුරේ

    ව්‍යවසායකයන් තවදුරටත් ශක්තිමත් කරමින් නව පරපුරේ ව්‍යවසායකත්ව අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමට යාපනයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඉමහත් රුකුලක් වෙනු ඇත.

    ලබන 10 වන දින දක්වා දිනපතා පෙරවරු 10.00 සිට රාත්‍රී 12.00 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතින අතර සෑම දිනකම රාත්‍රී දකුණු ඉන්දියානු සංගීත ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් සංගීත සංදර්ශනය ද පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya