මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව යුද්ධ හමුදාධිපති මිහිඳු සෙත් මැඳුරේ සංචාරයක

    අගෝස්තු 24, 2019

    යුදබිමේදී තිබූ සහෝදර සබඳතා සහ සාමූහික වගකීම සිහිපත් කරමින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු දියණියන් ද සමඟ අද (23) දින උදෑසන ආබාධිතව ප්‍රතිකාර ලබමින්
    විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් සොයාබැලීම සඳහා රණවිරුවන් 50 කට වැඩිපිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරෙහි සංචාරයක නිරත විය.


    මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිවරයාට, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්න මහතා සමඟින් පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රාජකරුණා මහතා සහ එම මහත්මිය මෙන්ම මිහිඳු සෙත් මැදුරෙහි සේනාවිධායක ලුතිනන් කර්නල් ජීවන් ගුණසේකර මහතා විසින් උණුසුම්අයුරින් පිළිගන්නා ලදී.

    ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිවරයා ඇතුළු පිරිස සුවතා නිකේතනයේ වාට්ටුවල සංචාරයක නිරත වූ අතර එහිදී, ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවී ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනීමින් යුද්ධ හමුදාධිපති සහ ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් ඔවුනට ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරනු ලැබීය.

    ඉන් අනතුරුව, සුවතා නිකේතනයේ ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන් කණ්ඩායමක් සිය කෘතඥතාවය සහ ප්‍රීතිය පිළිබිඹු කරමින් ගීත කිහිපයක් ගායනා කර ඔවුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා පෙන්නුම් කළ අතර තවත් කණ්ඩායමක් ආකර්ශණීය රෝද පුටු නර්තනයක් ඉදිරිපත් කරමින් යුද්ධ හමුදාධිපතිවරයා වෙත ඔවුන්ගේ සහජ හැකියාවන් පෙන්වනු ලැබීය.

    එම රණවිරුවන් අතර තවත් පිරිසක් ශාරීරික ආබාධවලට සහ රෝද පුටු වලටම සීමා වී ඇත. මෙම සංචාරයේ කටයුතු අවසන්වීමට ප්‍රථම, සියලුදෙනා විශ්මයට පත් කරමින් ප්‍රතිකාර බලන විරෝදාර රණවිරුවෙකු යුද්ධ හමුදාධිපතිවරයාගේ
    චිත්‍රයක් ඇඳ එය සිහිවටනයක් ලෙස යුද්ධ හමුදාධිපති වෙත පිළිගනුවනු ලැබීය. එම පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම, නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ අමුත්තන් සඳහා වු පොතෙහි සමරු සටහනක් තැබීය.

    එම පරිශ්‍රය තුළදී යුද්ධ හමුදාධිපති මිහිඳු සෙත් මැදුරෙහි සුවය ලබන රණවිරුවන්ගේ නවාතැන්, ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සහ මානසික ප්‍රතිකාරයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කල අතර අනාගතයේදී සිදු කළ හැකි වැඩිදියුණු කිරීම් පිළිබඳව ද විමසා සිටියහ.

    මෙම සංචාරය සඳහා ඉඩම් දේපල හා භඨනිවාස අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර මහතා සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ජී.අයි. විද්‍යානන්ද මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya